මම හිතනව
ලියන්නට කවියක්
හැමදාම...
නුඹව කවියක් කරපු කවියක්
නුඹ තරම් ලස්සන කවියක්
නුඹ තරම් ළෙන්ගතු කවියක්
ඒ උණත් ලියන්නට කවියක්
නුඹ ගැන කියන්නට තරම් පොහොසත්
එක වචනයක්
බෑ තාම ගළපන්න
කිසිවක්ම නොලියාම
කුරුටුගා ගුළි කරපු
හිස් කඩදාසි මිස...
මට හිතෙන සමහර දේවල් කිසිම තේරුමකට නෑ කියල මම දන්නව..