Tuesday, July 12, 2011





මම හිතනව
ලියන්නට කවියක්

හැමදාම...
නුඹව කවියක් කරපු කවියක්

නුඹ තරම් ලස්සන කවියක්
නුඹ තරම් ළෙන්ගතු කවියක්

ඒ උණත් ලියන්නට කවියක්
නුඹ ගැන කියන්නට තරම් පොහොසත්
එක වචනයක්
බෑ තාම ගළපන්න
කිසිවක්ම නොලියාම
කුරුටුගා ගුළි කරපු
හිස් කඩදාසි මිස...

Tuesday, June 7, 2011

ඇගෙ Party frock එක

මං ආසයි ඇයට
ඊටත් වඩා ඇගේ Party frock  එකට
සාදයේ නියොන් එළි වලට
ඇස් නිළංකාර කර දිස්නේ දෙන...


මං ආසයි ඇගෙ
ලිලී මල් සුවද කවපු

Party frock එකට
ඉන් ඇගේ පිරුණු ළැම මතු කරන හැටියට

                  මං ආසයි ඇගෙ Party frock  එකට
                       එය මගේ අතට දැනෙන විදිහට
                            මගේ ඇගිලි අතරින්
                                   කඩා හැළෙන හැටියට

                       මං ආසයි ඇගෙ Party frock  එකට
          එහි බද වටා යන මල් මෝස්තරේට
     මං ආසයි ඇගේ ගත තුළින්
ඉන් මල් පිපෙන හැටියට


Friday, May 27, 2011

වීරයන් මියැදී හමාරය...



සියළු විප්ලවවාදී වීරයන්
මියැදී හමාරය
ඉපැදෙන්නට සිටින උන්
ගර්භාෂ තුළ නූපන්ව මරා දමති...
මළකුණෙන් වීරයන් නූපදී...

මවු වරු
මළ බිළිදු දෙස බලා
උණු කදුළු කැට හළති
කදුළින් වීරයන් නූපදී...

මහ සඝහු, දෙව් පුත්හු
මළ බිළිදු ඉදිරියේ
පින් නගා ස්තෝත්‍ර ගයති
ගාථාස්තෝත්‍රයෙන්
වීර්යන් නූපදී

වීරයන් වැලැලූ
සීතල පස් මත
රතු පාට මල් පිපෙයි
මල් වලින් වීරයන් නූපදී...

Tuesday, May 10, 2011

හිම කුමාරිය

නුඹයි හිම කුමාරිය
හිම ධූලියෙන් නෙළුව
ගිම්හාන නගරයේ
විසුළ හිම බිදිති මත
පා කොණින් ඇවිද ගොස්
නොබිදි හිම මල් සොයන...

නුඹ සිසිරයේ කුමාරිය
හිම ධූලියෙන් නෙළුව
සැළෙයි සිත තැවි තැවී
දිය වේද නුඹේ රුව
නැගෙන හිරු දාහයෙන්
වසන්තේ උණුහමට

හැමදාම රැකගන්න
නොදී නුඹ දිය වෙන්න
බැරිවේවි මට උණත්
ගිම්හානෙ පැමිණි විට
ගිමන් කල දිය කදුළ
සේම නුඹ දිය වෙලා
දනී නෙත් ඉදිරියේ
නුඹ ගලා යන බවෙක...

Monday, April 25, 2011

නුඹ හිතේ ගෑවී ගෑවී
හිත අවුස්සන
ඉන් පහුව
නුඹෙ පාඩුවේ
වැඩක් පළක් කරන

මම වැඩක් පළක් නොකර
නුබේ ස්පර්ශය
වමාර වමාරා රස විදින .
...