Wednesday, July 8, 2009

පිසාචරයා... හිරු මිය ගිහිල්ලා මතක අන්ධකාරය ම්ං ගාවට එන්නෙ ඇට මිදුළු පුපුරු ගස්සන හීත හුළගකුත් අරන්... ඒ හීතල ලේ නහර වේදනාවෙන් කකියවනවා... කළුවර එන්න එන්නම වැඩි වෙනවා ම්ං තව තවත් ඒ අන්ධකාරෙම ගිලී යනව... මුලු හිතම කෑලි කැපෙන කළුවරෙන් වැහිලා... ආයෙමත් හීත හුළග... ඒ හීතලෙන් ම්ං ගල් ගැහිලා... පිසාචරයා ම්ං ගාවට එන්නෙ ඒ වෙලාවට... පිසාචරයගෙ ඇස් කිණිහිරියා මල් වල පාටින් දිලිහෙනවා ඌ හෙමින් හෙමින් ම්ං ගාවට කිට්ටු වෙනවා... තව ටිකකින් ඌ මගේ හදවත ඉරා දමන්න පටන් ගන්නවා ම්ං වේගයෙන් හුස්ම ගන්නවා... දැන් ඌ හිනාවෙන්නෙ වියරුවෙන්, ඒ හඩින් මගේ කන් අගුල් වැටෙනවා... උගේ තියුණු නියපොතු වලින් පපුවෙ මස් ගොබ ඉරා දාන්නෙ ඊට පස්සෙ... උහුල ගන්න බැරි වේදනාවෙන් ම්ං විලාප තියනවා උගුර ලේ රහ වෙනකන් කෑගහනවා... ඒත් කිසිම කෙනෙකුට, කිසිම කෙනෙකුට ඒ හඩ ඇහෙන්නෙ නෑ... ම්ං ජීවිතේ ඉල්ලලා කෑගහනවා ඌට කිසිම අනුකම්පාවක් නෑ... ඉරුණු මස් වැදලි වලින් ලේ උතුරලා යනවා... ඌ තවත් මස් ගොබ ඉරා දානවා... අන්තිමට... අන්තිමට... හෘදය වස්තුව... උගේ වියරු හිනාව තවත් වැඩි වෙනවා... ම්ං මරනයේ වේදනාවෙන් කෑගහනවා උගෙ විශ දළ හෙමින් හෘදය වස්තුව විනිවිදිනවා මුලු ශරීරයම උහුළා ගන්න බැරි වේදනාවෙන් වෙවුලුම් කනවා... ඒ වේදනාව කිසිම මිනිස් ප්‍රානියෙකුට දරාගන්න බෑ... ම්ගේ විලාප හඩ එන්න එන්නම මැකිලා යනවා... අවසානයට කෙදිරියක් වෙළා නිහඩ් වෙනවා... ඌ තවත් හදවතේ ලේ බොනවා මුලු ඇගම සුදුමැළි වෙලා... ජීවිතය ඉල්ලලා කෑගහලා තෙරුමක් නෑ... ම්ං කිණිහිරියා මල් වල පාටින් දිළිහෙන උගේ ඇස් දිහා බැලුවා... පුදුමයි... මොකක් හරි පුරුදු බවක් තියෙනවා... ප්‍රෙමය... ඔවු... ඒ මගේ මිය ගිය ප්‍රේමය... ප්‍රේමය මිය ගිහිල්ලා,පිසාච්‍රයෙක් වෙලා ඉපදිලා... දැන් ඌ හෘද මාංශ බුදිනවා... ඌ නැගී හිටියා... උගේ මුව දෙපැත්තෙන් ලේ බ්න්දු වෑස්සෙනවා... දැන් මගේ මුලු ශරීරයම සුදුමැළි වෙලා ඉවරයි... ඌ ත්වත් වරක් මා දිහා බලලා , වියරුවෙන් හිනා වෙලා යන්න ගියා... හැබැයි ඌ ආයෙත් එනවා... හිතට මතක කරුවල වැටුණු දවසක , ඌ ආයෙමත් එනවා... ඇවිත් මගේ පපුවෙ මස් ගොබ ඉරා දාලා හෘද මාංශය බුදිනවා...

5 comments:

කේෂාන් said...

හ්ම්...... ඇත්ත..මැරුණ ආදරය පිසාචයෙක් වගේ පස්සෙන් ඇවිත් මස්ගොබ ඉරන මතක අඳුර පරදවල බලාපොරොත්තු ආලෝකය දල්වගෙන තමයි අපිත් ඉන්නෙ තව මාසයයි නෙ ඉවසපනං පපුව ඉවසපං කියල ඉන්නව.

මචං පට්ට අදහස එළමකිරි.............|

-බිன்ku- said...

නැති වුණ ඩැකි්‍යුලා (රි)ලව් ඔහොම තමා ඉතිං!

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

පරණ ආදරේ පිසාචයෙක් වගේ......
අනේ මන්දා මට නම් එහෙම හිතෙන්නේ නෑ ඒත් මෙන්න මේ සිංදුව මට මතක් වෙනවා ඔය කතාව අහන කොට.

හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනෙන්
පෙලයි මා මුදා සුව දැහැනෙන්.....

Anonymous said...

මචන් ඒකද රෑට හීනෙන් කෑ ගහන්නෙ අනිත් දවසේ ජනෙල්ලෙ වහල නිදා ගනින්

ayashkantha said...

Dtz amazing.......