Monday, October 5, 2009



මම දියවෙන්නං...

නෑ...
මම මොකවත් කියන්නෙ නෑ...
ම්ං දිහා ඔහොම බැලුවට
මම මොකවත් කියන්නෙ නෑ...
ඕනි න්ං මම නොදැක්කා වගේ ඉන්න්ං.

.ඔය ඇස් ඇතුළේ කැකෑරෙන නුරාවෙන්
මගේ ආත්මය දිය වෙලා යයි...

මම බාල උණාට,
ඔබ වැඩි මහල් උණාට,
ප්‍රශ්නයක් නෑ...
අපේ හැගීම් බොහොම ප්‍රබලයි,උද්වේගකරයි...

නෑ... කමක් නෑ,ලෝකෙ එවුන් මොනව කියුවත්...
වැඩිම උණොත් අපි ලෝකෙට පවුකාරයෝ වෙයි,
උන් අපිට ගල් ගහලා මරල දාන්ඩ හදයි...
එත්කොට මම උන්ට කියනවා
"කිසිම පවක් නොකරපු එකෙක්
පළමු ගල් පහර ගහපල්ලා කියලා..."
එතකොට උන් හැරිලා යන්ඩ යයි
මොකද උන් හරිම අවංකයි...

අපි හවසට මූදු වෙරළේ හම්බවෙමු,
මම ගිටාරෙක ගහන්නං
ඔයා සින්දුවක් කියන්න...
ඊට පස්සෙ
මූදු හුළං උර උර විස්කි එකක් හිස් කරමු...

රත්තරං පාට ඉර
මූදු පත්ළෙ ගිලෙන රොමැන්ටික් හැන්දෑවෙදි...
ම්ං ඔබේ ආත්මයෙ,ඔබේ ශරීරයෙ
දියවෙලා යන්නං...

10 comments:

Anonymous said...

තේරුමක් නැති කතාවක්....

Dasun Wanaguru said...

Therumak natthema naha......

Anonymous said...

wiski namai machan beer gahanawa kiyala kiyapan.

අයේෂ් said...

ආත්මය යනු
ඔබට මට සිතාගත්වත්
ඇදහිමටවත් නොහෙකි
අරුම පුදුම සත්වයෙකි
එවන් අත්මයකට
මුවාවි ඔබ සොයන
ඔබේ ලොකය
දිනන්නට මම
ඔබට සුබ පතමි....

CharithD said...

ඔයා මොනවත් හිතනවද
මම ඔයා දිහා මෙහෙම බැලුවම.
නෑ.. ඔයා මොනවත් කියන එකක් නෑ
නොදැක්කා වගේ ඉදීවී..

ඔය ලස්සන හිනාවෙන්..
මගේ ආත්මය දියවෙලා යයි.

මම union වුනාට
ප්‍රශ්නයක් නෑ...
අපේ හැගීම් බොහොම ප්‍රබලයි,උද්වේගකරයි...

නෑ... කමක් නෑ,campus එකේ එවුන් මොනව කියුවත්...
වැඩිම උණොත්
අපිව bucket කරලා මඩ ගහන්න එයි.
එත්කොට මම උන්ට කියනවා"එක හිතකින් අදරේ නොකරපු එකෙක් පළමු මඩ පහර ගහපල්ලා කියලා.."
එතකොට උන් හැරිලා යන්ඩ යයි
මොකද හැමෝටම අදරේ කියන හැගීම දැනෙන නිසා....

අපි හවසට....'ඉතුරුටික උඹම ලියපන්...

Unknown said...

හෆොයි....නිසදැස මොනව ගැනද කමෙන්ට් මොනව ගැනද ඔන්න මම නම් දන්නෙ නෑ ඕව ගැන මට තේරෙන්නෙත් නෑ මම දන්නෙත් නෑ.

kesh said...

@ ඇකා හික් හික්.. එළ එළ හැබැයි අර union කථාව....?

@ සුජිත් මොනා උනත් මචං උඹේ අත්හදා බැලීම සාර්ථකයි වගේ... :)
එළ එළ උඹ ඔය love එක කරං පලයං අරූ කිව්ව වගේ වැඩිම උනොත් bucket කරල මඩ ගහයි.. ;)

Thushara said...

නෑ මචං මේ කැම්පස් එකේ සිද්ධියක් නෙවෙයි..

සයිමන් නවගත්තේගම said...

nice one! keep it up...

ආගන්තුකයා | Stranger said...

ඔන්න ඔතන තමා අපි හිටින තැන. ඒක නිකන් හරියට ස්ටක් වුන වගේ හැඟීමක්. අපිට අපිට ඕනි දේ කරන්න සමාජයට රික්වෙස්ට් එකක් දාන්න වෙනවා.. ඇයි අපිට තියෙනවනෙ සංස්කෘතිය කියලා දහජරාවක්. ඕකෙන් පනිනවද.පනින්න ලෑස්තිද. ඔතන තමා ස්ටක් වෙන්නෙ..