Tuesday, November 3, 2009

චේට ලියපු කවිය

චේට ලියපු කවිය


නරුම කම දරාගෙන
පන්තියට උරුම වුණු
අලුගෝසු අත් වලින්
බඩ සාගින්දරින්
පරඩැල් වෙලා ගිය,
අහිංසක මිනිසුන්ගේ
ගෙල හිර කරනකොට,
වාරු නොම ඇති නිසා
වෙවුලමින් ඇවිද යන
උන්ගේ අතපය සතර
යකඩ බයිනේතුවෙන්
තැලුම් කා තැවෙනකොට
අනිත් උන් වාගේම
බලාගෙන උන්නනං,
උඹ තාම හුස්ම ගන්නවා...

ජීවිතේ තියනකල්
දුක් විදලා මැරිලා ගිය
ඒ අහිංසකයන්ගේ අවසාන හුස්ම පොද,
මුහු වෙලා වා තලය
බරවෙලා අඩනවා...

ඉතින් පුලුවන්ද තව
පෙනහැල්ල පුරවන්ඩ
ගලක් මෙන් බරවෙලා
තියන මේ වා කදෙන්...
ගන්න හැම හුස්මකම
දුක් විදලා දුක් විදලා
අන්තිමට මැරිලා ගිය
මිනිසුන්ගේ හුස්ම පොද
මුහු වෙලා තියෙනවා...

ජීවිතය විනිවිදලා
උඹේ හද සිදුරු කළ
ගිනිකමින් උරණ උන
යකඩ මූනිස්සමෙන්,
හදවතත් දෙකඩ කර
හදේ සිරගතව තිබු
අහිංසක මිනිසුන්ගේ
ගලක් මෙන් බරවෙච්ච
අවසාන හුස්ම පොද
යලිත් අවකාශයට
මුදා හැර සිටිනකොට,
ළයට දැනි සැහැල්ලුව කොතරම්ද කියනවද...

5 comments:

නරකයා....!! said...

තරහා වෙන්න එපා.. එකම එක වචනයයි මචං මට මේ ගැනනම් කියන්න තියෙන්නේ.....!
පට්ට.........!!

ලෝකයා said...

රැඩිකල් කතා බහ අස්සේ... උඹ නියමයි.....!!

දිනුෂි said...

@ narakaya
oya hariyatama hari....

Anonymous said...

ela machan ela.....

Upeka said...

ayyo