Thursday, November 26, 2009

නාදුනන්නී සහ නාදුනන්නා...


,


නාදුනන්නී අදුරන්නෙ නෑ මාව,
ඉතින් අරුමයක්ද ඒක
දන්න කාලේ ඉදලා
මම හෙව්වෙත් මම කවුද කියලා...

ඉස්සර මම හැමදාම
රේල් පාරේ ඇවිදිනවා නිකමට,
හැම සිල්පර කොටයක් ගානෙම
 කල්පනා කලේ
මම කවුද කියලමයි...

ඒත් හම්බ උණේ නෑ උත්තරයක්...
ඉතින් නාදුනන්නී කොහොම අදුරගන්නද මාව...

මම මාව නාදුනන නාදුනන්නා සහ
ඇය ඇයව නොහදුනන නාදුනන්නී වූ කල...

6 comments:

Unknown said...

දන්න කාලේ ඉදලා
මම හෙව්වෙත් මම කවුද කියලා...

අපටත් තේරුනා උඹේ මොකක් හරි ලොකු අවුලක් තියනවා කියල.

CharithD said...

Ela....ohoma nikan balan vitharak hitiyoth ..lagadima adhura ganna labeyi...

CharithD said...

"මම මාව නාදුනන නාදුනන්නා සහ
ඇය ඇයව නොහදුනන නාදුනන්නී වූ කල"

මරු ඩබල......ඉතින් උබලා දෙන්නා හොදටම ගැලපෙනව නේ..

ක්‍රිශාන් said...

ඇයත් නොදන්නිය ඇය යන මානය..
උන් හිටි තෙන් මතකයෙ අඩමානය
පාර කියන්නෙ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය..........

ප්‍රසාද් said...

උඹ අඳුනන්නෙ නැති උනාට උඹව, අපි නම් දන්නවා උඹ කව්ද කියල හොඳට

Thushara said...

උඹ ඉතින් මොනවද නොදන්නේ