Thursday, December 31, 2009

බෝඩිමට අවුරුදු...


හැම දාම පායන ඉර
අලුත් අවුරුද්දක් අරගෙන
පරණ විදිහටම් පෑවුවා...

අහල පහළ මිනිස්සු
අපිටත් එක්කම රතිඤ්ඤා පත්තු කරා
අපි අහගෙන හිටියා...

කවුදෝ අදුරන්නෙ නැති පොඩි එකෙක්
කිරිබත් කෑල්ලක් දීල ආපහු දුවලා ගියා...

ගිය පාර අවුරුද්ද දවසේ
අම්ම මට කිරිබත් කවපු හැටි මතක් උණා...

4 comments:

Unknown said...

hmmmmmmmmm........

නරකයා....!! said...

ආහ්... උඹලට කිරිබත් හම්ඛෙලා...!
පළවෙනිදා උදේ අම්මා කෝල් කලා....
"සුභ අළුත් අවුරුද්දක් වේවා මගේ පුතාට...!!"
කියලා කිවුවා....
"උඹ උදේට කාලද ඉන්නේ....?" ඇහුවා..
කාලා හිටියෙ නැති උණත් නිදිමතේම ඔවු කියුවා..
තවටිකකින් කන්න අදහසක් තියෙන නිසා...
පස්සෙ මතක් උණා අම්මා දීපූ සල්ලි ඉවරයි....
කන්න විදියක් නෑ කියලා....
බඩගින්න අමතක කරලා....
ඇහැට ආපු කඳුළු බිනදුව කොට්ටෙන් පිහදාගත්තා......!!

kesh said...

හ්ම්.....මමත් බෝඩිමක නොහිටියට ගොඩක් අවුරුදුවල ජනවාරි පළවෙනිදට මටත් ඔය අත්දැකීම ලැබෙනව මොකද ගෙදර කට්ටියම ගමේ මම තනියම කොළඹ..

Thushara said...

@නරකයා
පිරිමියාගේ කදුළු නපුංසකත්වයේ සංකේතයක් කරපු මිනිස්සු ඉන්න රටක ඇස් වලට කදුළු උණන උඹලා අපි වගේ එවුන්ගේ කදුළු වල තත්වය මොකක්ද?(ජනවාරි පළවෙනිදා උණත්....)