Tuesday, May 11, 2010

ආදරණීය මාෂාට...

මාෂා....
ඇයි හැම දේම වෙනස් වෙලා,
මම වයසට ගිහින්
නුඹ තාම තරුණයි
ලස්සනයි ඉස්සර වගේම...

අපිට පුරුදු පෝටිකෝව යටට වෙලා
ලිලැක් පදුරු තුෂාරයෙන් පෙගෙන හැටි බලාගෙන,
ජීවිතේ ගැන දොඩමලු වෙන්න...
දෙණි පෙතට ඉහළින්,ළයිම් තුරු සෙවනේ ඉදගෙන
රන් වන් අස්වනු නෙළන රයි කෙත මැදින්
අසු අරා මා එන හැටි බලාන ඉන්න...
ඉටි පන් දැල්වෙන නැටුම් කාමරයෙ
පියානෝවට ගිහින්,මා වෙනුවෙන් "මූන් ලයිට්" වයන්න...
බැරිද මාෂා අයෙත් නුඹට...

මේ අපි හොයපු ප්‍රේමයද,ජීවිතයද නොවන වග
දැන දැනම නොදැන සේ නොඉන්න
බැරි වෙයිද අපිට තව...

අනික් හැමදේම වගේ ප්‍රේමයත් වෙනස් වෙලා...
ලිලැක් පදුරු හුළගට හෙලවෙනකොට
ලස්සන නෑ කියල දැන් හිතෙනව නේද...
ඒත් ඒ බව නොකිය ඉන්න,
ජීවිතේ ශික්ශනය කරපු බොරුව තුළ
අපි තවත් ගිලිලා යමු.

අපි අපිට නොකියන
කාලකණ්නි වේදනාව එතකොට නැතිවෙලා යයි...

ඉදින් මාෂා, මා වෙනුවෙන් වයන්න ආයෙමත් "මූන් ලයිට්"
පෙර දවසක  මෙන් මා වශී නොකලට
මම අහගෙන ඉන්නන්ව පුරුද්දට වගේ...


                                                             සර්ජි මිහායිලොවිච් ගෙන් මාෂාට...

6 comments:

Unknown said...

මචන් මට මෙකට දාන්න comment එකක් හිතා ගන්න බැ... මොකද මට උබ වගෙ ලස්සනට අදහස් ගලපන්න බැ....මොනා උනත් පට්ටම සිරා බන්.....

Thushara said...
This comment has been removed by the author.
දිනුෂි said...

godak lassanyiiiiiiiiii

Thushara said...

ගොඩක් අය අහපු නිසා...

මේක ලියවුනේ ටෝල්ස්ටොයි ගෙ "Happy Ever After"හි සිංහල පරිවර්තනය "මංමුළාව" නව කතාව කියෙවුවට පස්සේ...

Unknown said...

මේ පොත නම් මට අහුවෙලා නෑ..ඒත් කියවන්න ආසාවක් ඇතිවුනා...
නියමයි...
ලස්සනට ගලපලා තියෙනවා...

Thushara said...

@ sampath
kemathiyi nan balapan.ape lib eke thibuna wage mathkayi. nice romance...