Thursday, February 3, 2011


රතු වෙච්ච ඇස් වලට සුදසුනක් වී සුවදෙන්න
සන්සුන් සරින් හදවතට ගැයෙනා
සිත නිවන බණවර වෙන්න
සිත නිවා මා සනහන්න....

උණු කදුළු ගැවසුණු නෙත් ඉවුරු මත
සිහිලාර වී ඉතිරෙන්න
ගිමන් කල ඉරිතැලුණු පොළොවට
සිහිළැල් සුවය නුඹ වෙන්න
සිත නිවා මා සනහන්න....

ගණ කළුව සරණා සිත් විමන තුළ
මුදු සද එළිය නුඹ වෙන්න
නෙතු වසා නිදා කොද කැකුළු පොඩි
නුඹ නමින් පීදෙන්න,
නුඹ සද එළිය වී එන්න...

.....................................................................................................................................

මේ වචන ටික ලිව්වෙ අවුරුදු තුන හතරකට කලින්, A/L කරන කාලෙ.
පරණ පොතක තිබිලා ළගදි හොයා ගත්තෙ.
"රතු වෙච්ච ඇස් වලට බණවරක් වී සුවදෙන්න"  කියන මුල් වචන ටික මගේ යාලුවෙක් ලියපු එකක්. ඉතුරු ටික සම්පූර්ණ කරන්න මට දුන්නා.




6 comments:

Thusitha said...

මෙ දේ කරන්ඩ පුලුවන් අම්ම කෙනෙකුට හෝ ආදරනීය පෙම්වතියකට විතරයි... මට හිතා ගන්ඩ බෑ උඹ මේක කාට ලිව්වඩද කියල... මොනව උනත් ලස්සන අදහසක්...
යාළුවා ගොඩක් සතුටු වෙයි.... :D

නරකයා....!! said...

රෝස පෑ මුව පොඩිය ඇස් කෙවෙනි තුළ මවන්න...
ගිම් නිවා මද නළින් ඔබෙ සියොළග හමන්න....
හද හැඩුම්, සා සුසුම් ලවන් සනහාලවන්න....
උණු කඳුළු පිනි බින්දු කියඹු රූරා හැලෙන්න...
සුසීනය.. හද වනා දෑස වීදාලන්න...

Unknown said...

හ්ම්ම්....බම්බා J

Anonymous said...

උණු කදුළු ගැවසුණු නෙත් ඉවුරු මත
සිහිලාර වී ඉතිරෙන්න....

Indeewari said...

lassanai

Thushara said...

Thanks All, Thank you very much !!!

@ නරකයා....
"සුසීනය" ලස්සන වචනයක්...