Monday, February 14, 2011

නුඹෙ සිල් ගත්ත සිත බිදෙනා
සන්සුන් සොබා මුදනා
සිත ආශාව දැල්වී
විළිබරවු නෙතු වැසෙනා...

කෙහෙරැළි අතර සරනා
මා ඇගිලි වට වෙළෙනා
අක්බඹරු ගති රැදි කෝල කියඹුන්
ගෙත්තමින් මිදෙනා...

නුඹෙ කොපුල් පිරිමදිනා දෙතොලට
මලක සුව දැනෙනා
ලවන් මදිරා මතින් සිත් බිගු
නුරා රස සොයනා
නුඹෙ සිල් ගත්ත සිත බිදෙනා...

10 comments:

Anonymous said...

congratz macho ;)

Anonymous said...

congratz macho ;)

Anonymous said...

seems that u hve hd romance sex ...

Nipun said...

මෙකේ නම් තේරුමක් නැත්තෙමත් නෑ. උඹ ගෙදර ගිහින් කරපුවා වෙන්න ඇති නේ...

ක්‍රිශාන් said...

මම දන්නවා උඹ මේ වගේ දෙයක් නිකන් ලියන්නේ නෑ කියලා.මෙක කියෙව්වම මට මතක් වුනේ මොකක්ද කියල උඹම හිතා ගනින්....

Unknown said...

නුවර බස් එකේදිද සෙට් උනේ?

ප්‍රසාද් said...

ගෙදර ගිය ටිකට සැහෙන දේවල් සිද්ද වෙලා වගේ ..........

Anonymous said...

අත්දැකීමක් වුනත් නැතත් ලස්සන නිර්මාණයක්..අනිත් අයට තමන්ගේ විඳීම් සිහිපත් කරවන තරම්ම ලස්සනයි

Indeewari said...

lassanai

Thushara said...

Thanks all. :))
hey this dsnt sense of sex kinda of stuff, jst romance :D

@ Nipun,Krishan,Nell & Vidath
ඔවු බං, ගෙදර ගිහින් නිකම්ම එන්ඩ බෑනෙ...