සියළු විප්ලවවාදී වීරයන්
මියැදී හමාරය
ඉපැදෙන්නට සිටින උන්
ගර්භාෂ තුළ නූපන්ව මරා දමති...
මළකුණෙන් වීරයන් නූපදී...
මවු වරු
මළ බිළිදු දෙස බලා
උණු කදුළු කැට හළති
කදුළින් වීරයන් නූපදී...
මහ සඝහු, දෙව් පුත්හු
මළ බිළිදු ඉදිරියේ
පින් නගා ස්තෝත්ර ගයති
ගාථාස්තෝත්රයෙන්
වීර්යන් නූපදී
වීරයන් වැලැලූ
සීතල පස් මත
රතු පාට මල් පිපෙයි
මල් වලින් වීරයන් නූපදී...
ඉපැදෙන්නට සිටින උන්
ගර්භාෂ තුළ නූපන්ව මරා දමති...
මළකුණෙන් වීරයන් නූපදී...
මවු වරු
මළ බිළිදු දෙස බලා
උණු කදුළු කැට හළති
කදුළින් වීරයන් නූපදී...
මහ සඝහු, දෙව් පුත්හු
මළ බිළිදු ඉදිරියේ
පින් නගා ස්තෝත්ර ගයති
ගාථාස්තෝත්රයෙන්
වීර්යන් නූපදී
වීරයන් වැලැලූ
සීතල පස් මත
රතු පාට මල් පිපෙයි
මල් වලින් වීරයන් නූපදී...
11 comments:
නමුත් කවියෙන් වීරයන් උපදී ......
කිසිදිනක නෑවත වීරයන් නුපදිනු ඇත.....
හා.. එලනෙ
පාරෙ අම්බානක ට්රැෆික් හිටින විදියට පාරවල් වහලා..... හොඳහැටි අතපය දිග ඇරලා වියදම් කරලා පෙළපාලියක් හෙම ගෙහුං...උංගේ ලේ උඩින්, උංගෙ අම්මලාගෙ කඳුළු ලේ වෙනකං.. උත්සව කොරාපිය..... වීරයො උපදිනවා ලොවෙත් උපදිනවා....
ඔයා දකින ගැඹුර මට දකින්න බැරුව ඇති.ඒත් ලස්සනයි :)
@ Indeewari
කවියෙන් වීරයන් උපදී, උන් කවියෙන්ම මිය යයි.
@ Narakayaසිංහල, දෙමළ ලේ මත, පිළි ගද ගහන සැණෙකෙළි...
@ Anonymous නිර්මාණයක ගැඹුර සාපේක්ෂ නෑ. ඒක නිසා මම ඔයාට වඩා ගැඹුරට හිතන්නෙවත්, ඔයා මට වඩා ගැඹුරට හිතන්නෙවත් නෑ...නිර්මාණයක ගැඹුර හැමවෙලාවේම තවෙකෙකුට නිරපේක්ෂව කල්පනා කරන්න පුළුවන් තත්වයක්.
@ Asanka
වීරයන් නූපද්දවනු ඇත. වීර කළල ගබ්සාවට ලක් කරනු ඇත
@ Harsha
Thanks kiwwa :))
@ Thushara
weerayan miyadunath namaya sada amaraneeya noweda???
Atitaya weerayo boho wuha .... Own gana sita Adambaraweema Waradak nowe... NAMUTH, Warthamanaya ha Anagataya Wdada Wadagath Noweda ....
Hamadama api Ape Rajawaru Wavu Dagab Tanuha, ea nisa Owun Veerayo yay Kiyati.... Api Kawada Wavu Dagab Tanannemuda ..... Rata Swayan positha karannemuda ....
උඹට , උඹේ අම්මට උඹ වීරයෙක්.....
මට , මගෙ අම්මට මම වීරයෙක්.....
නමුත් සමාජයට ?
ඒක සමජයෙ තීරණයක්......
හැබැයි සමාජය....
ඒ තමයි අපි.
............
.....
හැබැයි අපි තවම ජීවත් වෙනවා.
@ Anonymous
ඉස්සර වැව් දාගැබ් හදපු රජවරු වීරයෝද?
@ Thiwanka
උඹේ අපේ පුද්ගලික කොටු පවුරු වලින් එහාට ගිය වීරකමක්....
Post a Comment