Friday, June 19, 2009

දෙවෙනි සටහන... මම ලියලිය හිටියෙ මගේ තේරුමක් නැති සිතුවිලි ගැන.තේරුමකට නැතිව හිතට එන හිතුවිලි වල තෙරුම හොයන්න යන එකත් නොඵ්ල බව හිතුනු නිසාම,ඒ හිතුවිලි දිහා ඔහේ බලාගෙන ඉන්නව මිසක,කල යුත්තකුත් නැහැ... හිතට එන අන්නන්ත හිතුවිලි වලින් හාහාපුරා කියලා බ්ලොග් එකේ ලියන්න දෙයක් හිත ගන්නත් අමාරුයි... මෙහෙම පටන් ගන්නම්...කෙනෙකුගේ ජීවිතේ විවිධ කාල වකවනු වල හදවතට දැනෙන සන්වේදනයන් වල පුදුමාකාර අපූර්වත්වයක් තියෙනවා... ඒ සන්වේදනයන් හැමවිටිම කාලානුරූපයි. අපි ජීවිතය දිහා බලන හැටි,ජීවිතය අපිට පෙනෙන හැටි,කාලයෙන් කාලයට වෙනස්...අපි අපේ පූර්ව අනුභූතින් මත ජීවිතය අර්ථ කථනය කරගන්නවා...නමුත් කාලයත් එක්කම ඒ අර්ථකතනය කරපු සන්කල්ප වල හැඩතල වෙනස් වෙන්න පටන් ගන්නවා. මගේ ජීව්ත අත්දැකීම් වල පදනමත් ඒකමයි...මම දැන් කියන්න යන කථාව පටන් ගන්නෙ දැනට අවුරුදු හයකට විතර කලින්. ඒ දවස් වල මම ජීවිතය දැක්කේ බොහෝම පටු කෝණයකින්.

No comments: