Friday, June 19, 2009

මිනුසුන් සහ ඔවුන්ගෙ මානුශීය භාවයන් වන ආදරය,කරුණාව,කදුළ ගැන තිබුණු ස්පර්ශයත් ඒ වගේමයි. කොයි විදිහකින් හරි ප්‍රේමය පිළිබද අපූර්ව මතකයක් ශේශ වුණු කාලයක්... මම පාසල් ආවෙ ගියේ කෝච්චියෙන්.කෝච්චියෙම පාසල් ගිය ලස්සන මුස්ලිම් ගැහැණු ළමයෙක් ගැන පිලිබද සිතක් ඇති උණේ ඒ කාළේ.අභිනව ප්‍රේමයෙන් හිත පිරිල ඉතිරෙනකොට ඈ ගැන කවි ලියන්න පටන් ගත්තා. ඇගේ මුහුණෙන් කොටසක් හැම වෙලාවෙම ෆර්දාවකින් වැහිල තිබුණා.පරණ උපමාවක් උණාට මම ඒ මුහුණ දැක්කෙ "හදක් වගේ".ෆර්දාවෙන් වැහුණු ඇගේ මුහුණ වළා පටකින් වැහුණු හදකට උවම් කරන්න හිතුණා
මම ඇයට කවියක් ලියුවා...
ෆර්දා දුහුල් වළා,සද මුවා කළා... නිල් තරු නෙත් ඉගි කළා සද හෙමින් හිනහුණා,තරු කැළුම් විහිදුනා... ඔය වළා පොරවා කිම්ද සද හැන්ගිලා නුබ වළා මුදවා සද දකිමි සොලොසින් කළා...

2 comments:

Unknown said...

හිමිජ්ජ වගේ හිටියට උඹත් හොඳ හොඳ වැඩ කරල තියනවා එහෙනම්. විහිළුවක් කලේ කාගෙ කාගේත් අතීතයේ ඔය වගේ කතාවක් තියනවා.ඒව අදටත් සුන්දර(සමහර විට දුක්බර) මතකයන්.

අයියෝ මචං මේ word verification එක comment දාන්න ගියහම මහ වදයක්. blogspot dashbord එකේ setting වලට ගිහිල්ල එකෙ comment කියන tab එකට ගිහිල්ල Show word verification for comments? කියන එක no දීපන්.

Anonymous said...

me kaviya godak lassanai.kaviya mechchara lassanai num eya kochchara lassana adde :)