Sunday, June 21, 2009

තෙවෙනි සටහන... මම අද උදේ හීනයක් දැක්කා...හීනෙන් දැක්කේ මම නිදාගෙන ඉන්නවා.කවුරුහරි මාව අවදි කරපු නිසා මම ඇහැරුණා.ටික වෙලාවක් ඇද උඩ වාඩි වෙලා කල්පනා කර කර ඉන්නකොට මට හිතුණා මම ඇත්තටම ඇහැරිලා නැහැ කියලා.සමහර විට මම අහැරෙන්න ඇත්තේ හීනය ඇතුළෙම වෙන්න ඇති.ඒත් ඇත්තටම එහෙමද?...මම ඔහේ කල්පනා කළා. ඒ වගේ වෙලාවකට දැනෙන්නේ මහ අමුතු හැගීමක්. දැන් මම අත්විදින බාහිර ලෝකෙ සංවේදනයන් තත්‍ය ලෝකෙ පවතින දේ නෙවේද?...මම තාමත් ඉන්නෙ හීනය ඇතුළෙ නම් මට දැනෙන සන්වේදනයන් හුදු මනෝ භ්‍රාන්ති විතරයි.වහාම හීනයෙන් නැගිටින්න ඕනි කියලා තීරණය කළා. මම නැවතත් අවදි උණා.අවට ලොකෙ දිහා විමසිල්ලෙන් බැලුවා. ඒත් මම ඇත්තටම හීනයෙන් අවදි වෙලාද කියලා තේරුම් ගන්න අමාරුයි.මගේ වටේ තියන හැමදෙයක්ම යම් අස්වාභාවික ගතියකින් පිරිලා...මම තවමත් හීනය ඇතුළෙමද?... අපි හීනයක් දකිනකොට ඇත්තටම දකින්නෙ හීනයක් කියලා තේරෙන්නෙ නැත්නම්,මේ අව්ස්ථාවෙදි දකින්නෙ හීනයක් නෙවෙයි කියලා මම මට ඔප්පු කර ගන්නෙ කොහොමද?... මම දැන් ඉන්නෙ මගේ බ්ලොග් එක ලිය ලිය.ඒත් මම බ්ලොග් එක ලියන්නෙ හීනයෙන් නම්... මට හිතෙන ගොඩක් දේවල් වල කිසිම තේරුමක් නැති නිසා මේ දේ ගැනත් හිතන එකේ තෙරුමක්

3 comments:

Kanishka said...

හොදම වැ‍ඩේ තමයි ලග ඉන්න කෙනෙක්ට කියල කොනිත්ත ගන්න එක :D :D

ප්‍රදීප් ලසන්ත said...

මටනම් හිතෙන්නෙ දැන් තියන හොන්දම වැඩෙ මානසික රෝහලකට ගිහින් ප්‍රතිකාර ගන්න එක.. නැත්තම් අපිටත් යන්න වෙයි.....

jeewantha said...

මචෝ, ඔහොම දෙයක් මටත් උනා. හැබැයි මම පොර වගේ මේක හැමෝටම කියන්න ගිහිල්ලා අපේ ගෙදරින් මාව mental doctor කෙනෙක් ගාවටත් එක්ක ගියා. ඌ කිව්වා මට Hallucination (http://en.wikipedia.org/wiki/Hallucination) කියන ලෙඩේ තියෙනවා කියල. මාරයිනේ! උඹටත් ඒකමද දන්නේ නෑ?