Friday, June 26, 2009
වර්චුවල් රියැලිටි...
අපේ අය ගොඩක් බ්ලොග් ලියන්නෙ තාක්ෂණික විශයන් ගැන.නමුත් මට එහෙම දෙයක් හීනෙකින්වත් හිතෙන්නෙ නෑ.මොකද මගේ තාක්ෂ්ණික දැනුම ඒ තරම්ම දියුණුයි.
කොහොමහරි අද මගේ මාතෘකාව වර්චුවල් රියැලිටි.බැලූ බැල්මට පේන විදිහටම බොහොම බර සාර මාතෘකාවක්.අච්චර දියුණු තාක්ෂණික දැනුමක් තියෙන මම මේ වගේ මාතෘකාවක් තෝරගැනීම එච්චරම පුදුමයක් නොවුණට මේක වර්චුවල් රියැලිටි වලට සම්බන්ද වෙනම කතාවක්...
බ්‍රහස්පතින්දා දවසට අපිට guest lecture එකක් තියෙනවා.පැමිණීම අනිවාර්යයි.නොපැමිණීම repeat වීමට බලපාන අනිවාර්ය සාධකය.අනික අපේ දැනුමෙ තත්වය අනුවrepeat නොවෙන එකම එක.මොකද මේ subject එකට exam නෑ.ආවොත් පාස්. ඒක නිසාම අපේ කට්ටිය වැරදිලාවත් ඒක කට් කරගන්නෙ නෑ.
කොහොමහරි අද lecture එකට යන්න හිතාගෙන මම කැම්පස් එකට ආවා.උදේ පාන්දරම assignment එකක්.පේපර් එක දැක්කම ඔලුව අනිත් පැත්ත හැරුණා.වම දකුණ මාරු උණා.guest lecture කෙසේ වෙතත් මගේ repeat ගොඩට තව එකක් එකතු වුණා කියලා තේරුණා...
ඒක ඉවර වෙලා එලියට ආවට පස්සෙත් මගේ පොඩි අවුල් ගතියක් තියනවා කියලා මටම හිතුණා.guest lecture එක හතරට. තියෙන්නෙ ඔඩියෙ.(ඔඩිය කියන්නෙ අපෙlecture hall එකක්)කියලා කවුදෝ එකෙක් කියුවා.
කොහොමින් කොහොමින් හරි හතරයි කාලට විතර මම තකහනියෙම ඔඩියට රිංගුවා.කවුදෝ පොරක් බරටම lecture එක කරනවා.හැමදාම වාඩිවෙන පිටිපස්සෙ පේලියේ ඉඩ නෑ.හැමදාම පිටිපස්සෙ වාඩිවෙලා හරියන්නෙ නැති නිසා මම ඉස්සරහටම ගිහින් වාඩි උණා.අප්පා... අද මාතෘකාව වර්චුවල් රියැලිටි...මම ළග වාඩි වෙලා ඉන්න කෙනා දිහා බැලුවා.ම්ම්ම්........කවුද යකෝ මේ.මම ජීවිතේට දැකලා නැති එකෙක්.පොරත් මං දිහා අමුතු විදිහට බැලුවා.මම හිනා වුණා.එයා අහක බලා ගත්තා.ඊට එහා පැත්තේ හිටපු එක්කෙනා දිහා බැලුවා.තවත් අදුරන්නැති එකෙක්.වෙනදට lecture කොහෙ බැලුවත් ඉන්නෙ මගේ බැජියලා.අද කවුද යකෝ මේ...පිටිපස්ස බැලුවා.අමුතු අමුතු එවුන් හෙන ගොඩක්.අදුරන එකෙක්වත් ඉන්නවද?....දැකලා පුරුදු 4th year අයියා කෙනෙක් හිටියා.මම හතර වටේටම කැරකි කැරකි බැලුවා.තැනින් තැනින් අදුරන එවුන් කීප දෙනෙක් හිටියා.ඒත් අපේ බැජ් එකේ නෙවෙයි.මළ කෙළියයි.මට දෙලෝ රත් උණා.මට ටිකින් ටික සිද්දිය තේරෙන්න පටන් ගත්තා.මොකාට තියන එකක් උනත් මේක අපිට තියන lecture එකක් නම් නෙවෙයි.වාඩි වෙලා ඉන්න්නෙත් ඉස්සරහම.නැගිටලා යන්නත් බෑ.දැන් ඉතින් guest lecture ගිහිල්ලත් ගොඩයි...මං වටපිට බැලුවා.
හැමෝම බොහොම සාවධානව අහගෙන ඉන්නවාහෙන වැදැගත් lecture වෙන්න ඇති.එහෙම වෙන්න එපැයි.වර්චුවල් රියැලිටිනෙ...ආපු එකේ මමත් ටිකක් අහගෙන හිටියා.කියපු දේවල් මට හොදටම තේරුණා.දැන් ඉතින් මරු.ගෙදර ගිහිල්ලා වර්චුවල් සිස්ටම් එකක් හදන්න ඕනි...
Subscribe to:
Post Comments (Atom)
15 comments:
කවුදෝ උඹට මුලින්ම කිවුවා නේද පිස්සන් කොටුවට පලයන් කියලා.මට කියන්න තියෙන්නේ උඹ ගියේ නැතිනම් මම බලෙන් හරි උඹව පිස්සන්කොටුවට ගිහින් දානවා කියලා තමයි නැතිනම් අපිත් තව දවස් දෙක තුනකින් පිස්සෝ වෙන එක නවත්තන්න කාටවත් බෑ
හික් හික් හික් හී...........................
එහෙම කියන්න එපා බ්ං මට ඇඩෙන්න එනවා...
යකෝ උඹ වාඩිවෙච්ච පේලියට පිටිපස්සෙ පේලියෙ මම හිටියෙ(හැබැයි මම නම් වැරදිලා නෙවෙයි ගියේ දැනගෙන). මම ඒත් හිතුව උඹ වර්චුවල් රියැලිටි ඉගන ගන්න ඇවිත් කියල.
කට්ටිය ගණන් ගන්න එපා. අපේ බොට්ටා කිව්ව වගේ බම්බගේ සිස්ටම් එක සමහර වෙලාවට crash වෙනවා. ඒ වෙලාවට ඌ මොනවද කරන්නෙ කියල උගේ මොලේ හරියට දන්නෙ නෑ. එහෙම වෙලාමට තමයි ඔය වගේ මෝල් වැඩ කරන්නෙ.
ඉතින් වර්චුවල් රියැලිටි ගැන පොඩ්ඩක් ලියන්නකො මොනාද ඉගෙන ගත්තෙ කියල බලන්න
owa ganan ganna epa apith oya wage tamai
ඉගෙන ගත්ත එකම දේ අමෙරිකානු හමුදාවෙත් ගේම් ගහන එවුන් පුරවලා ඉන්නවා කියලා!!!
උබටත් එල වැඩ තමා වෙන්නේ... ඒත් මේ මොකද්ද වර්චුවල් රියැලිටි කියන්නේ..මෙන්න විකිපිඩියා එකේ තිබ්බ ටික...
http://en.wikipedia.org/wiki/Virtual_reality
ආ මං කියන්නම් virtual reality ගැන. මොකද මමත් ඕකෙ වාඩි වෙලා හිටියනේ(කරන්න assignment , තව පාඩම් කරන්න DBMS එහෙම තියෙද්දි). ඕකෙ ඇත්තටම කලේ VBS2 කියන software එක ගැන. lecture එක කලේ ඒ software එක හදන Bohemia Interactive Australia කොම්පැනියෙ ඒ මෘදුකාංගය develop කිරීම සම්බන්ධ ලංකාවෙ කෙනෙක්(phd එකක් එහෙම තියන). ඔය මෘදුකාංගයෙන් ඕනෑම තැනක් virtually design කරල ඒ මත පරිගනක ක්‍රීඩාවක් වගේ චරිත යොදල හසුරවලා බලන්න පුළුවන්. මේක ඇමරිකානු හමුදාව,බ්‍රිතාන්‍ය හමුදාව,ප්‍රංශ හමුදාව සහ තව ගොඩක් හමුදා පාවිච්චි කරනවලු පුහුණු වීම් ආදියට. ඇමරිකාව ඇෆ්ගනිස්තානෙට ගහපු වෙලාවෙ මුලින්ම ගිය සේනාංකෙ 1000ක් බැග්ඩෑග් ගුවන්තොටුපලට බැහැල ඇමරිකානු තානාපතිකාර්යාලෙට යනකම් ක්‍රියාන්විතය මේ software එකේ හදල අර 1000 දෙනාම online game එකක වගේ එකටම පුහුණු කලාලු. කෝමද වැඩේ.
ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානෙට ගහද්දි මොකටද බෑග්ඩෑඩ් වලට බහින්නේ? Refreshments වලටද? නැත්තන් හෙලිකොප්ටරයාට පාර වැරදිලා ද? =D =D =D
මට කිව්වොත් බෑග්ඩෑඩ් වලින් බැහැලා ඇෆ්ගනිස්ථානේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට පයින් පලයන් කියලා එවලෙම අස්වෙනවා
එදා මට පිටිපස්සෙ බස්සන්නත්(අපේ සුසිත රවන්ද්ර ) හිටියලු...එයාත් ලෙක්ට්ච්ර එකට ගිහින් තියෙන්නෙ. . වැරදිලා...chirish අහලා තිබුණා මම එදා ලෙක්චර් එකෙන් ඉගෙන ගත්ත දේවල් අහලා තිබුණා.මම එදා ඉගන ගත්තෙ දන්නැටි දේවල් උගන්නනකොට දන්නව වගෙ අහගෙන ඉන්න...
හැබැයි ච්මිල කියුව වගේ එදා ඇමරිකන් ආර්මි එක සිරාවට කියලා හිතගෙන ගේම් ගහනව කයලා න්ම් දැනගත්තා.ප්න්හිද දුන්නු ලින්ක් එකට ස්තුතියි...වම්බොට්ටට තියෙන සිස්ටම් අවුල් ගැන ද්න්නෝ දනිති...
බසන්නගේ මීටර් එකට එදා ලෙක්ච්ර එක තේරිලා.comment කරලා තියන විස්තර වල බොහොම ස්තුත්යි...
umba kalin liyapuwa dakkama mata hithuna umbata mokak hari podi awulak athi kiyala
basannatath tikak koyl wage
ආ ඇෆ්ගනිස්තානෙ නෙමෙයි ඉරාකෙ හොඳේ. වැරදුනා සොරි වෙන්න ඕන.
මම නම් වැරදිලා නෙමෙයි දැනගෙන ගියේ ඕක guest lecture එකක් කියලා. බ්ම්බා පච කෙලින්න එපා.
Patta siddiya ahh...But puduma wenna dekuth na.........
Post a Comment