Tuesday, July 21, 2009

මම පොඩි කාලෙ ඉදලම අකුරු වලට ආදරෙයි.... ඉලක්කම් මට පෙනුනෙ නපුරු හැඩතල වගේ. අකුරු වල තිබුණ ලස්සන දිහා මම ආසාවෙන් බලා හිටියා... අකුරු එකිනෙක ගැලපිලා, වචන වලට හැරවෙනවා... ඊට පස්සෙ ඒ වචන වලට පණ එනවා... අකුරු වල තියෙන තියන ජීවමාන ගතිය හරිම පුදුමයි. හරියට මිනිස්සු වගේ... මම අකුරු වල දැකපු ලස්සන හැඩතල ඉලක්කම් වල දැක්කේ නෑ... ඉල්ලකම් කැතයි... මම අකුරු ගලපලා කවි ලියුවා කවියෙ හැම වචනයකටම පණ තියනවා. මිනිස්සු අකුරු ගලපලා ලියපු කවි වල රස හෙවුවා... අකුරු මගේ ජීවිතේට ගොඩක් ලං උණා ඒත් අද... අකුරු මගෙන් ගොඩක් ඈතට ගිහින්... මාව බය කරපු ඉල්ලක්කම් හැමතැනම...

6 comments:

Unknown said...

අකුරු ලස්සනයි ඉලක්කම් කැතයි
මරු කතාව
ඒක අතකට අැත්ත තමයි.
ඒත් අපිට ඉලක්කම් අත අරින්න බෑෙන බම්ෙබා්
මටත් ඊෙය maths paper ඒක ෙකළවුනා.

kesh said...

අකුරු වලට පණ ආවම ඒව මිනිස්සු වගේ කියන්න එපා බං.අකුරු වලට පණ ඇවිල්ල ලියවෙන කවි මිනිස්සුන්ට වඩා කොච්චර ලස්සනද? කොච්චර මිහිරිද?
අකුරු වලට පණ පොවන්නෙ මෘදු හිතක් තියෙන මීනිස්සු ඉලක්කම් වලට පණ පොවන්නෙ තර්කය ගැන විතරක් හිතන මිනිස්සු ඒකයි අකුරු ලස්සන වෙන්නෙත් ඉලක්කම් කුරිරු වෙන්නෙත්.

Thushara said...

ඒ කියන්නෙ අපි අපේ හිතට ස්ංවේදී වුණ දේවල් අත් ඇරලා,අසංවේදී,වියලි දේවල් විදවමින් දරාගෙන ඉන්නව කියන එක නේද?...

Unknown said...

මම කලින් ලියපු comment එක අල වෙලා තියන නිසා ආයෙ ලියනවා. ඒක ලිව්වෙ එල්ල ගෙ ලැපෙන් ජනේලෙ ඉඳගෙන්. ජනේල කුණු ගොඩක් කියල කියන්නෙ ඔය නිසානෙ.

අකුරු ලස්සනයි ඉලක්කම් කැතයි

සංවේදී විදිහට කලාත්මක විදිහට හිතපුවහම සහතික ඇත්ත. අපේ හිතට දුකක් දැනුනාම සතුටකදි නැත්තම් කෙනෙකුට ආදරයක් ඇති උනාම වර්ගජ සමිකරණයක් හරි ශ්‍රිතයක් හරි ඔලුවට එන්නෙ නෑනෙ. බම්බා කිව්ව වගේ අකුරු වචන අපිත් එක්ක කතා කරනවා අපේ හැඟීම් බෙදා ගන්නවා. ඒකයි ගීත කවි අපේ හිත් වලට සමීප.

තරිදු අබේදීර::Tharindu Abeydeera said...

අකුරු ලස්සනයි ඉලක්කම් කැතයි.......... උඹලා හමෝම එහෙම කියන්නේ ඇයි කියලා මට තේරෙනවා ඒත් මම හිතන්නේ මෙතෙන්දී උඹලා අන්තවාදීයි , උඹලා අකුරු ලස්සන හින්දයි ඉලක්කම් හැඩ නැති හිනදයි මේවිදියට කියනවා වෙන්න ඕනෙ ........ ඒත් අකුරු වලින් කියන ලස්සන වගේම ඉලක්කම් වලින් කියන ලස්සන දකින්න කවමදාක වත් උත්සාහ කලේ නැත්තෙ ඇයි ? මම මේ කියන්න විභාග ගැන නම් නෙමෙයි මොකද විභාග වලදි නම් උඹලා මේ කියන කතා 100% හරි කියලා මම පිලිගන්නවා........

මේ විශ්වය හරි ලස්සනයි කියලා මම හිතනවා .......... ඒත් එහෙම ලස්සන වෙන්න හේතුව මේ මුලු විශවයම රටාවක් හින්දා කියලයි මම විශ්වාස කරන්නේ ......... ඉලක්කම් කියන්නෙත් ඒවගේ රටාවක් ........ විවෘත මනසින් බැලුවොත් ඒබව පෙනේවි ............... අමතක කරන්න එපා මේවිදියට ලස්සන අකුරු අමුනලා ලියන සටහනක ඇත්තන්ම තියෙන්නේ රටාවකට අමුනපු ඉලක්කම් කියලා ...........

අකුරුත් ලස්සනයි ඉලක්කමුත් ලස්සනයි ....... ලස්සනට බලන්න ලස්සනට පෙනේවි :)

ආගන්තුකයා | Stranger said...

සහෝදරයා.. කියන දේ ටිකක් විතර තෙරුනේ නෑ නේ.. අපි කවුරුත් සාපේක්ෂයිනෙ ඉතින් ඒ සාපේක්ෂතාවය බම්බා සහොදයටත් පොදුයි මම නම් මේක වින්දේ වෙනම විදිහට, තමන් ආදරය කරන දේවල් අතහැරලා තමන්ට පෙන්නන්න බැරි දේවල් වලට ආදරය කරන්න උත්සාහ කිරීම .. ඒක කොච්චර අමාරුද.. මරු මලයා...