හිතේ තෙතමනය
කාලකණ්නි ඉර එළියෙන්
පොඩ්ඩ පොඩ්ඩ වේළලා දාළා...
ගන්ඩ් දෙයක් ඒත්තෙම නෑ.
තවත් වේලිච්ච දවසක,
පාණ්ඩු පාට ක්ඩේකදී
හෙමින් ඉහළ නගින
සිගරට් දුම් වළලු එක්ක
ඔහේ පාවෙන හිතිවිලි වල
උඹ ඉන්නවා දැක්කා...
උඹ වේලුණු හිතට වැහැපු
වැහි බින්දුවක් වගේ කියලා හිතුණා...
අනේ මන්දා...
මම උඹට ආදරේද කොහෙදෝ...
තවත් ඉහළට පාවුණු
සිගරට් දුම් වළලු,
බකලෙට කැරකෙන
විදුළි පන්කාව ලගදී
විසිරිලා ගියා...
7 comments:
i like this one
පට්ට...
නියමයි...
හැබැයි අපි ඕවට නෑ මතට තිත නේ :D
akuru ketha nam elakkam lassanai
දුමක් වි නැගෙන
මිහිරි මතක
වෙලුනු ඔය
ජිවිතයට
දෙයි තෙතමනය
මදක් ඉවසන්
මිතුර
ඒ කඩෙ ළග මාත් හිටියා......!
ඒ වළලු අතරින් මම නං දැක්කෙ
උඹේ පාණ්ඩු පාට මූණයි...
මලකඩ කාපු බයිසිකල් කටුවකුයි......
ආ...
පොලිසියෙනුත් ආවා.....!!!
lassany bamba athtatama....
Post a Comment