Sunday, August 30, 2009

උඹට..

හිතේ තෙතමනය කාලකණ්නි ඉර එළියෙන් පොඩ්ඩ පොඩ්ඩ වේළලා දාළා... ගන්ඩ් දෙයක් ඒත්තෙම නෑ. තවත් වේලිච්ච දවසක, පාණ්ඩු පාට ක්ඩේකදී හෙමින් ඉහළ නගින සිගරට් දුම් වළලු එක්ක ඔහේ පාවෙන හිතිවිලි වල උඹ ඉන්නවා දැක්කා... උඹ වේලුණු හිතට වැහැපු වැහි බින්දුවක් වගේ කියලා හිතුණා... අනේ මන්දා... මම උඹට ආදරේද කොහෙදෝ... තවත් ඉහළට පාවුණු සිගරට් දුම් වළලු, බකලෙට කැරකෙන විදුළි පන්කාව ලගදී විසිරිලා ගියා...

7 comments:

සයිමන් නවගත්තේගම said...

i like this one

kesh said...

පට්ට...

Unknown said...

නියමයි...
හැබැයි අපි ඕවට නෑ මතට තිත නේ :D

Anonymous said...

akuru ketha nam elakkam lassanai

අයේෂ්ගේ සොඳුරු හද පොත said...

දුමක් වි නැගෙන
මිහිරි මතක
වෙලුනු ඔය
ජිවිතයට
දෙයි තෙතමනය
මදක් ඉවසන්
මිතුර

නරකයා....!! said...

ඒ කඩෙ ළග මාත් හිටියා......!
ඒ වළලු අතරින් මම නං දැක්කෙ
උඹේ පාණ්ඩු පාට මූණයි...
මලකඩ කාපු බයිසිකල් කටුවකුයි......
ආ...
පොලිසියෙනුත් ආවා.....!!!

Happy Living said...

lassany bamba athtatama....