Thursday, October 29, 2009

දන්නවනං...

දන්නවනං...

දකින විට නුඹේ රුව
සොම්නසේ දියවරින්
පිරී ඉහිරෙන මගේ හිත් විල
මුවා කර මීදුමෙන්
නුඹෙන් සැගවූ හැටි
ඉදින් නුඹ දන්නවනං...

පිපී හිනැහී නුඹේ තරු නෙත්
කාළ නඹෝ ගැඹ
එකළු කරන කොට
තරු රැසින් දුළමින්
හිනැහෙනා හදවතක අරුම
ඉදින් නුඹ දන්නවනං...

යනෙන විට මග තොටෙක
හමු වෙනා නුඹේ නෙත්
මා වෙතින් පළා ගොස්
කොහේදෝ අතරමං වන විට
දහස් වර දැවි දැවී
රහසේ තැවෙන හදවතක් ගැන
ඉදින් නුඹ දන්නවන්ං...

10 comments:

kesh said...

හුදෙකලාවී,
පාළු ලොව තුළ,
හඩා වැලපෙන
මගේ සිත ගැන
ඉදින් නුඹ දන්නවනං..

(හ්ම්....මම දන්නව දැන ගත්තත් වැඩක් නෑ කියල.. :) )

ප්‍රසාද් said...

යනෙන විට මග තොටේ බස් එකේ
හමු නොවුනත් නුඹේ නෙත්
ම වෙතින් පලා ගොස් මගෙ සිත
වැරදි තැන මම බසින විට
දහස් වර තැවි තැවි මම පයින් එන බව
නුඹ දන්නවානම්........

දිනුෂි said...

දකින විට නුඹේ රුව
හිත ළග තනි රකින කදුලු
නෙතු අද්දර දග කරද්දී
නුඹෙන් සැග වූ හැටි
ඉදින් නුඹ දන්නවනම්.....

බිදක් වත් අඩු නොවුණු
නුඹේ සිනා ළග
මගේ කදුලු රැදී තිබූ බව
නුඹෙන් සැගවූ හැටි
ඉදින් නුඹ දන්නව නම්.....

නෙතින් නෙත ගැටනෙ විට
නුඹේ නෙතු මත
ආගන්තුක ආදරයක සේයා දැක දැකත්
ගිනි ගෙන දැවනෙ හිත
නුඹෙන් සැගවූහැටි
ඉදින් නුඹ දන්නවනම්.....

Unknown said...

උඹේ අනිත් හැම කවියකටම වඩා මම මේ කවියට ආසයි. පට්ට. ගොඩක් ලස්සනයි.

ප්‍රසාද්(ලුකා) කියන කතාව නම් ඇත්තලු නේද?

දකින විට නුඹේ රුව
සොම්නසේ දියවරින්
පිරී ඉහිරෙන මගේ හිත් විල
මුවා කර මීදුමෙන්
නුඹෙන් සැගවූ හැටි
ඉදින් නුඹ දන්නවනං...

ප්‍රසාද් said...

@සුසිත රවින්ද සෙනරත්
ඔව් ඔව් මූ බස් එකෙන් බැහැලා එනකන් මම DS හන්දීයේ පැය භාගයක් හිටියා............

නරකයා....!! said...

නුඹෙ ඇස් වලට උඹෙ ඇස් දවන්න පුළුවන් බව උඹෙ ඔය නුඹ දවසක දැන ගනීවි.... අනිවාර්යයෙන්ම දැන ගනීවි එතකන් සොම්නසේ දියවරට උතුරන්න ඉඩදියං.....ඉවසපන්

Thushara said...

@ දිනුශි...

සිරාවට ලස්සනයි.

Thushara said...

@ keshan
ගණං ගන්ඩ එපා මචං...
නැට්ට පිටින් අලි මැරෙන ලෝකෙ ඔහොම දේවලුත් වෙනවා

Thushara said...

@ basanna...

154 නැග්ගම දොර හොයා ගන්ඩ බැරි වෙනව කියලා උඹ දන්නවනෙ...

ක්‍රිශාන් said...

මහ වැස්සක් බිමට හලා
නිදහස් වු අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිදින්න
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න......