Wednesday, November 4, 2009

විමුක්තිය



හෘද ස්පන්දනයේ
සෑම සංකෝචනයක් හා
ඉහිල්වීමක් අතරම රැදි
එකම බලාපොර්තුවක්...

ලේ මස් ඇට මිදුළු විනිවිද කාවැදුණු
එකම සිතිවිල්ලක්...

ජීවිතයේ අදුරු නිම්නයන් අතර
අසාමාන්‍ය සුදීප්තයෙන් පතිත වුණු
උණුසුම් ආලෝක කදම්බයක්...

විමුක්තිය...

විශ්වයෙන් මා සොයන විමුක්තිය...

ජීවිතයේ මෙතෙක් කල් නැගි
සියලු පශ්චාත් තාපී හැගීම් හා
අදුරු මතකයන් යටපත් කර
හෘද මාංශ දෙබෑකරමින් ඉලිප්පෙන
එකම හැගීම නම්...

ජීවිතයෙන් මා සෙවූ
විමුක්තිය පසක් කිරීමයි...

ආත්මය පුරා මා පැතූ
විමුක්තිය,
ශේෂ වූ අන් කිසිවක් නොව,

ඔබ...
ප්‍රේමයද,
බලාපොර්තුවද,
සංතුෂ්ඨියද,
උද්වේගයද වූ


ඔබ ලැබීමයි...

15 comments:

දිනුෂි said...

ගැලදෙපනවද කියල දන්නෙ නෑ.. මට හිතුනා මේක හොදයි කියලා..

මිරිගුවකි වැලි කතර මැද මා
අතරමන් කල ආදරේ
ක්ෂිතිජයයි මහ සයුරු තල මත
පැතුම් සුන්කල ආදරේ
චන්ඩ වැසි සේ කඩා හැලෙනා
කදුල නුඹයි ආදරේ
රැයයි සගවන මා සිතේ දුක්
ඔබේ නිකැලැල් ආදරේ....

රෑට කඩුපුල් මල් පිපෙන විට
සුවද නුඹමයි ආදරේ
මගේ ජීවන මන් පෙතේ හද
ගැස්ම නුඹමයි ආදරේ
අමාවක රෑ හදට ලන් වූ
ළුලිය නුඹමයි ආදරේ
නුඹට කිසිදා වෙන්ව යනු බෑ
නුඹයි මා හද ආදරේ .....

Tharanga Shashi said...

nee,neee,gelapennema neeeeeeeeeeee

Thushara said...

@ dinushi
Nice

නරකයා....!! said...

ප්‍රේමයද,
බලාපොර්තුවද,
සංතුෂ්ඨියද,
උද්වේගයද වූ
ඔබ ලැබීම.....
අත්විඳලම බලපන්.....
ඊට එහා ගිය යමක් එතන තියෙනවා....!
විශ්වාස කරපන්.......!!

දිනුෂි said...

@ tharanga
aulak na eyata gelapena kawiyak labey... he he
mage kawiya gelapenne na kiyala mama dannawa....
he he

@ narakaya
dan ithin experience athuwane kiyanne...
eka nisa oya kiyana de gana deparak hithannama wenawa loku aiye...

wara said...

;)

kesh said...

විමුක්තිය.. ප්‍රේමය.. ඔබ.. අනේ මන්ද.. විමුක්තිය කියන්නෙ ප්‍රේමය ද? ප්‍රේමය කියන්නෙ "ඔබ" ද? එතකොට විමුක්තිය කියන්නෙ "ඔබ" ද? අනේ මන්ද බං.. මම නං හිතන්නෙ විමුක්තිය තියෙන්නෙ අපි ඇතුළෙමයි "ඔබ" ළඟ එය නෑ...

Thushara said...

@ නරකයා.
අනිවා මචං

Thushara said...

@ කේශාන්
මට එක තේරුම් යන්න තව ටිකක් කල් යයි...

Unknown said...

සිතනු මැන මොහොතක්
හදවතින් නොව
බුද්ධියෙන්...,

නුඹ පතනා විමුක්තිය ;
"ඔබ" තුළ ද...?
නුඹ සතු ද...?

"ඔබෙන්" විමුක්තිය සොයා ගොස් ;
නුඹ අතරමං වේද...?
නුඹට නුඹ අහිමි වේද...?

නැවත නැවතත්
සිතනු මැන මොහොතක්...,

Unknown said...

එළ

ආගන්තුකයා | Stranger said...

මගේ ලිස්ට් එකේ නම් ඔතන තව එකක් තියාගෙන ඉන්නේ. ප්‍රේමය් බලාපොරොත්තුව සංතුෂ්ඨිය කියලා මොන අයිසිං දැම්මත් ඕක ඇතුලෙ තියෙන්නෙ අපි හැමදාම රහවිඳින ඒ කේක් කෑල්ලමයි..

ක්‍රිශාන් said...

උඹ හොයන විමුක්තිය හොයාගෙන පලයන්..... එත් ඒ විමුක්තිය ලබා ගන්න උඹ හිතන තරම් ලේසි නැතිවෙයි....... ඒත් කවදාවත් පසු බසින්න එපා......

Happy Living said...

vimukthiya labey da nadda kiana eka nam danmama kianna ba "oba" labennama one..eka balanna..itn oata e wimukthuya labenna kiala man prarthana karanawa.. kawiya lassany bamba... onna ohoma terena deyak lianna epaya.

Thushara said...

@ upeka
:)))