ඒ තත්වය කෙසේ වෙතත් පසුගිය 13 වන දින කොළඹ සරසවියේ පළමු වසර සිසු සිසුවියන් පිරිසක් තම වර්ෂික පා ගමන සදහා හන්තා කදු වැටිය තරණැය කිරීමට පේරාදෙණිය ප්‍රදේශයට ළගා වූ අවස්තාවේ මෙම නිර්ලජ්ජිත හා නපුන්සක ක්‍රියාව සිදු කිරීමට පේරදෙණිය වි.වි.හි ශිෂ්‍ය සංගමයේ "සභාපති","උප සභාපතිි" යන නිළතල දරණ තිරිසනුන් ඇතුලු එම වි.වි.තවත් තිරශ්චීන සිසුන් පිරිසක් සහභාගී වී ඇත.
මීට හේතුව වී ඇත්තේ ඔවුන්ගේ ඊනියා වාම මූලධර්මවාදී මතයන් කොළඹ සරසවියේ සිසුන් මත වැපිරීමට දරන ලද නිර්ලජ්ජිත උත්සහායට ඔවුන් එකග නොවීම හේතුවෙනි.
හන්තාන කදු වැටිය තරණය කර අධික ලෙස වෙහෙසට පත්වී පැමිණි එම සිසුන් පිරිසකගෙන් කොටසක් ගමන් ගත් බස් රථයක් බලහත්කාරයෙන් පේරාදෙණිය වි.වි. තුළට රැගෙන ගොස් ඔවුන් වදයට පත් කිරීමට තරම් ඔවුන්ගේ මානසිකත්වය විකෘති තත්වයක පවතී.දහසකගෙන් පමණ සම්න්විත පේරාදෙණිය සිසුන් පිරිස හැටක් පමණ වූ හා එම ප්‍රදේශයට ආගන්තුක වූ කොළඹ සරසවියේ පළමු වසර සිසුන් මත තම "පොරත්වය" ප්‍රදර්ශනය කිරීම ඔවුන්ගේ නපුන්සකත්වයේ තරම කොතෙක් දැයි දක්වා සිටියි.
මහ රාත්‍රියේ සිදු කල මෙම නොමිනිස් ක්‍රියාව සදහා අති විශාල සිසුන් පිරිසක් සහභාගෙ කරවාගෙන ඇත.
බලෙන් රදවා ගෙන සිටි සිසුන්ට පහර දීම ,ඒ අතර සිටි සිසුවියන්ට "කුණුහරුපයෙන්" බැණ වැදීම, ඇතුලු නිර්ලජ්ජිත ක්‍රියා ඔවුන් කළ වීරක්‍රියා අතර වෙයි.තවද පිරිමි නේවසිකාගරයක් වූ "මාකස් ප්‍රනාන්දු" ශාලාවට ඔවුන්ව රැගෙන් ගොස් ඇති අතර(මේ පිරිස අතර පළමු වසර සිසුවියන්ද සිට ඇත ). මෙමෙ කිසිදු ක්‍රියාවක් සම්භදයෙන් මැදිහත් වීමට පොලීසිය හෝ වි.වි. ආරක්ශක අංශය අස්මත් වීමද ඉතා කණගාටුදායකය.අවම මිනිස් කම හෝ,"පිරිමිකම" යනු කුමක්දැයි යන්තමින් හෝ හදුනන කෙනෙක් "පෙරාදෙණිය ශිෂ්‍ය සංගමය" තුළ නොවන බව ඔවුන් ලෝකයට ප්‍රදර්ශනය කළහ.මුලු මහත් සරසවි ප්‍රජාවටම නින්දා කරන මෙම නපුන්සකයන් විශ්ව විද්‍යාල වලින් අතුගා දමන තුරු මේ ආකාරයේ පහත් සිද්ධීන් ඉදිරියටත් සිදු වනු ඇත.ඔවුන් තම වැදූ මවටද නින්දා දෙන මානසික රෝගීන් පිරිසක් බව ලෝකයම වටහා ගත යුතුය.
10 comments:
මේ අන්තරේ අය මෙවැනි දේ කළ පළමු වතාව නෙවෙයි. මට ලැබුනු තොරතුරු වල හැටියට ජපුර හා කැළණිය විශ්වවිද්‍යාල වල අයටත් මේ වගේම දේවල් වෙලා තියනවා. උන් ඒව අමතක කරාට අපි අමතක කරන්නේ නෑ. මේ නපුන්සකයන්ට පාඩමක් උගන්වන තුරු අපි පස්ස බලන්නේ නෑ. විශ්ව විද්‍යාල වලට ඕන සාමයෙන් සහෝදරත්වයෙන් ඉගන ගන්න වටපිටාවක් මිස කුජීත දේශපාලනය නිසා එක බත් පිඟාන බෙදාගෙන කාපු යාළුවගේ ඔළුවට පොල්ලෙන් ගහන සංස්කෘතියක් නෙමෙයි.
පැහැදිළිවම ඕකුන්ට කොන්දක් නෑ... පිරිමිකම කියන්නෙ ඊනියා "පොරත්වය" කියල තමයි ඔය නපුංසකයො හිතන්නෙ..
මෙවගේ බලුවැඩ නොකරන්න මෙ බල්ලොන්ට පාඩමක් උගන්වන්න ඔන, මුන් Campus එවුන් කරන වැඩද කරන්නෙ , මුන්ට Job එකක් හොයා ගන්න ලේසි නැති නිසා මුන් මෙවගේ දේවල් කරල ඒ තරහත් පිරිමහගන්නවා.
උන්ට ඕන විදියට අපිව නටවන්න බැරි උන එකට තිබ්බ මලට තමා ඔය ජඩ වැඩේ කලේ! අපි සිරාවටම සිරා.. මොන දේ උනත් උන්ගෙ තෙල අපි කෑවෙ නෑ!
ආදර නන්ගියේ මල්ලියේ...මේ ලියන මම "අභිමානවත්" UCSC මෑණියන්ගේ දියනියක්..ඔයාලගෙම ජ්‍යෙශ්ඨ සහෝදරියක්..පේරාදෙණිය සරසවිය සමග සෘජු සම්බන්ධකම් ඇති අයෙක්..මගේ පෙම්වතා මෙන්ම අති විෂාල මිතුරු මිතුරියන් පිරිසක් පේරාදෙණිය සරසවියේ ඉගෙනුම ලබනව..ඔවුන් කියනා ලෙසට අපි "ඉස්කෝලේ එවුන්" වුනත් ඇත්තටම මේ වෙන දේවල් එක්ක අපි සැබැවින්ම "අභිමානනීයයි"..ඔවුන්ගේ වසර ගනනාවක ඉතිහාසයට වදා අපේ ඉතා මෑත කාලීන ඉතහාසයෙන් අප ලැබූ සභ්‍යත්වය අති විශිෂ්ටයි..
ඇත්තෙන්ම මේ සිදුවීම සිදු වුනු තැන මම නොහිටියත් ඒ ගැන අහන විටත් මගේ ඇග කිලිපොලා යනවා..අත්තෙන්ම මුලු මහත් පේරාදෙනිය සරසවිය පිළිබදවම මට ඇතිවන්නේ මහත් පිළිකුලක්..ඒ වටපිටාවේ සුන්දරත්වය ඉතා හොදින් අත් විද ඇති නමුත් යහතින් සිට්නා "මිනිසුන්" ඔවුන් උසස් යැයි කියා ගන්න ඔවුන්ගේ රැග නැමැති උප සන්ස්කෘතියට අනුගත වීමත් සමගම නොමිනිසුන් බවට පත් වෙන බව මම අත්දැකීමෙන් දන්නා කරුණක්..
මේ පිළිබදව මගේ හිතට මහත් වේදනා ගෙන දෙන කරුණු කිහිපයක් ම තිබෙනව..ප්ළමුවැන්න,intensive කාලයේදීඑත් "උබ, බන්" කියා ඔබලාව ඇමතීම පිළිබදවත් දහස් වර පසුතැවුනු අපට අපේම පුන්චි එවුන් කොහේවත් යන අමන රැලකගෙන් කුණුහරුපෙන් බැනුම් ඇසූ බව අහන්නට සිදුවීම..දෙවන්න, විශ්ව විද්‍යාල සන්ස්කෘතිය තුළ ඉත විරල නමුත් අප ඉතා ඉහළින් අගයන, අනුගමනය කරන ගුරු-ශිෂ්‍ය සම්බන්ධතාවය හෑල්ලුවට ලක් කිරීම..තුන්වැන සහ ඉතාම කනගාටුදායක කරුණ..මගේ පෙම්වතා හෝ පේරාදෙණියේ මිතුරු මිතුරියන් මේ වූ සිද්ධිය ඉතා සාමන්‍ය දෙයක් ලෙස සැලකීම සහ "එහි ඇති වැරැද්දක් නොදැකීම"..
සමහර පේරාදෙණි මිතුරු මිතුරියන් පවසන්නේ "එක මකුණෙක් කෑවට මකුණු ජාතියතම ශාප කරන්න එපා" කියාය..එහෙත් අපගේ එක සහෝදරයෙක් කියා ඇති ලෙසට අමන වැඩ කරන්නේ සුලුතරයක් නම් ඔවුන් පාලනය කිරීමේ හැකියාව අනෙක් බහුතරය සතු විය යුතුය..බහුතරයක් සුලුතරයකගේ අමන ක්‍රියාවන් දැක දැකත් නිහඩව සිටීම "උගත් ශිෂ්ට පේරාදෙණි සම්ප්රදායය" දැයි මම නොදනිමි..
මෙය ලිවීමෙන් පසු මගේ අනන්‍යතාවය හෙලි වුවහොත් එය මගේ අනාගතයට සෘජුවම බලපෑ හැකි නමුත් මා ඉගෙනුම ලබන UCශ්C සෙවණේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් මෙය කිව යුතුමයි...නන්ගියේ මල්ලියේ..ඔබ සියල්ලෝ වෙනුවෙන් අමන අවජාතක පේරාදෙණි මෝඩ රැල පිටුදකිමි..මේ වූ නින්දා සහගත ක්‍රියාව තරයේ හෙලා දකිමි..ඒ වෙනුවෙන් ඔබලාට සහය දැක්වීමටත් මේ මෝඩ සන්ස්කෘතිය ස්‍රී ලාන්කීය විශ්ව විද්‍යාල සන්ස්කෘතියෙන් අතු ගා දැමීමටත් මට හැකි උපරිමයෙන් දායක වෙමි..
"අමනයන්ගේ අමන ක්‍රියා නිසා ඔබේ පිරිසිදු හිත් රිදවා නොගන්න..ලෝකය ඔබ ඉදිරියෙනි..නොබියව පා තබන්න..නියම UCSC පුතුන් දියණියන්ගේ සැබෑ උදාර මානුශීය ගති පෙන්වන්න..ඔබ සියල්ලන්ටම ජය.."
කිරි කළයට ගොම බිංඳුවක් දැම්මත් ඇති කිරි කළයම වෙඩක් නෙති වෙනවා... එවගෙ තම මහා ලොකු පොරවල් කියා ගන්න පො..... කරන අමන වැඩ හින්දා පේරදෙනිය කැම්පස් එකට තියන ගෞරවයත් නැතිවෙලා යනව... ලොකුවට සහොදර ප්‍රේම ගැන කියවන උන් මේ වගෙ දෙයක් කරන්න කොන්දක් තියන එවුන්ද නැත්නම් උන් පො...... ද කියල අද මුලු රටම දැන ගෙන ඉවරයි...
Having studied and worked at 4 western universities in the past 18 years, I feel really sorry for for our university students who genuinely want study and progress in their lives. I have never seen such idiotic behaviours in these students. They work hard and more importantly respect fellow students!
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය
read more http://andarademala.blogspot.com/2012/02/blog-post.html
වෙනස බලාපල්ලා දැන්වත් ළිං මැඩියන් නොවී ලෝකේ දිහා බලපන්
ලංකාවේ විශ්විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය දැන් සැසදෙන්නේ ඇවිදින ඇටසැකිලි සිටින අප්‍රිකාවේ අසාර්ථක රජයන්ගේ අධ්‍යාපනික ආයතන වලට සාපේක්ෂවය. ලංකාවේ උසස් අධ්‍යාපනය බේරා ගැනීමට පොරමඩුල්ලේ එස්බියාවත් , අන්තරේ හීනමාන චාටර්කාරයන්වත් , තුන්වේල යහමින් කා කිරෙන් අත සෝදාගන්න නාමල් බෙබිවත් එන්නේ නැත. ලංකාවේ උසස් අධ්‍යාපනය උසස් මට්ටමකට ගෙන ආ හැක්කේ එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට පමණි. පිකටින් යාම, දේශපාලන පක්ෂ වලට කඩේ යාම, පර පිඩක ආතල් එකෙන් නවක වදය දීම, ලිංගික අතවර කිරීම මේ සෑම දෙයක්ම කරන මොවුන් කරන නමුත් නොකරන එකම දෙය හරි හැටි අධ්‍යාපනයේ නියැලීම පමණි.
නරඹන්න කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් පොලු පිහි අතැතිව උසස් අධ්‍යාපනයේ නියැලෙන අයුරු (කොහොමද ලී කෙලි සෙල්ලම සහ පිහිය? කොහොමද ඩිග්‍රිය කරනකම් සිවුර පටලවාගෙන පිරිවෙනෙන් පිනට ලඩා ගහගෙන පින් බත් කෙලින ගරුතර සංගරත්නය හැසිරෙන හැටි ) http://www.youtube.com/watch?v=lfxrReGbYNU
මෙන්න රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිකටින් කරන හැටි (අයියලා එන්න කීවාම යන්න ඕනේ , නැත්තනම් පෝරියල් තමයි) http://www.youtube.com/watch?v=eIyVk3pRwKk&feature=related
මෙන්න අර නලින් ද සිල්වා සීයා නිතර කියන ගර්හිත ජරාජීර්ණ බටහිර (ඇමරිකාවේ ) විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා ලංකාවේ ළමයි සාමකාමිව උත්සවයක් සමරන හැටි. (පේනවද මුන් කොකා කෝලද මොනවාද බොන හැටි , ඕවා ඉස්සර කොළඹ විශ්ව විද්‍යාලයේ බොන්න තහනම් ) http://www.youtube.com/watch?v=ri0erYYQ5dE දැන් ඉතින් මේවා වලට ඉරිසියා නොවී එක්කෝ උඹලගේ හරක් මඩු ටික හොඳ තත්වයකට අරගෙන වරෙල්ලා නැත්නම් ලබන ආත්මෙවත් උඹලා දැන් ඉන්න වදකාගාර වලට යන්න නොලැබී මේ වගේ එල තැන වල උසස් අධ්‍යාපනයේ දීමට හැකි වේවා කියා කටපුරා සාදුකාරයක් දීපන්.
මීට සුදු සීයා
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර කාන්තා සමලිංගික හිංසනය
read
http://allslnews.blogspot.com/2012/02/blog-post_4565.html
Post a Comment