Friday, June 4, 2010

මළගම...

ඉදින් අහවරය,
තවත් නැත,
මතකය මරා වළලමි
පාෂාණීභූත වුණු මළවුන් නිදන
සීතල මිනී වලක...
ඉටි පහන් නොදැල්වෙන
මල් වඩම් නොගැවසුන...


ඉදින් මතකය (ප්‍රේමය?) - මළවුන් අතර සදා කාලිකව නිදනු ඇත..

අනු කතාව. = මළවුන් පාස්කුවේ උත්ථානය ලබන බවද පසුව දැනගතිමි....


15 comments:

ප්‍රසාද් said...

ඔව් ඉතින් බලා හිඳිමු.......
මළ උන් උත්තානය වන තුරු
මතකය මිය යාමට අත් හළ නිසා............

නරකයා....!! said...

තේරුමක් නැති කතාවක නිස්සාර ප‍්‍රතිමූර්තිය නොහොත් "බම්බා" එකුන්තිස් උට්ඨානයට විවරණ ලබනු වස්........!!!

UD_Nemesis said...

මියෙදුනු ප්‍රේමයක මතකය අත් හරිනු...
සිදුවු දෙයක් ඇසට කඳුලක් ගෙන දේ ද....
එය අමතක කොට ඉදිරිය ගැන සිතනු මැයි...

vidath said...

මචන්, ඔබට ඔය කියන දේ කල හකි වුවද මට තවම එය කල නොහක්කේ මන්ද කියා මම තවම නොදනිමි...මම ඔබෙන් අසන්නේ ඔබ එය කලේ කොහොමද යන්න නොව අත්තටම ඔබට එය කිරීමට හැකි වුවාද යන්නය........ඔබට ජය!!!

sampathjt said...

කල් යනකොට ප්‍රේමයට ප්‍රේම කරපු අපි ඒ මතකයට පෙම් කරන්න ගන්නෙ අපට ත් හොරා..ප්‍රේමය මිය යන්නෙ එයින් ජාතකවූ මිහිරි හෝ අමිහිරි මතක සැමරුම් අපේ හිත්වල ගොඩගහලා..ඉතින් අපට ඒව ත් එක්ක ජීවත්වෙන්න වෙනවා නේ??රෑ වලලපු මතකයන් අයිත් පහුව දා උදේ වෙද්දි මලවුන් අතරෙන් නැඟිටිනවා..පොඩි ඉඩක් ලැබුණ ගමන් ඒ මතකයන් අපේ හිත්වල ආයිත් ඉපදෙනවා.ඒක තමා ඇත්ත.මතකය සදාකාලිකව වලලන්න ක්‍රමයක් තියේ නම් මේ හිතට මෙච්චර වදයක් නෑ බං...

සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath said...

හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනෙන්
පෙළයි මා මුදා සුව දැහැනෙන්.

මේකනෙ ඔහොම කියන්නෙ. ඕක වැලලුව කියල හිතුවට ඇත්තටම කරපු ප්‍රේමයක් එහෙම වළලල අයින් කරන්න බෑ. ඒක හිතේ තියනවා හැමදාටම.

එරංග said...

මතකය භූමදානය කර...
ඉදිරියේදී මතකය‍ට එකතු වන දෑ....
උ‍‍‍‍ෙඕ මළගමේ මල් වඩම‍ට...
?????........

maruwaxx said...

බඩුම තමයි නීමයි

Thushara said...

@ Eranga
මා මළ පසු සොහොන් කොතේ,
දුක් ගීයක් ලියනු මැනවි ///
නන්නාදුනනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනවි ///

එතකොට ඒ ගී රාවය සිහින් හඩින් මට ඇසේවි...

vidath said...

මමත් එකක් ලිව්වට කමක් නැද්ද?

Thushara said...

@ vidath
වැඩකට ඇති දෙයක් නං කමක් නෑ...

Thushara said...

@ sampath
nice writing bro...

අයේෂ් said...

මළ ගම වලලා ඇතිනම්
පස්කුවේ .................
අවසන් කල මළගමකට ප්‍රාණය දි.....
නැවත හඩා වැලපෙන්නේ කිමද මිතුර

අවසන් කල මළගමට
හත් දවසේ දානය දි
අවසන් කරනු මැන නුබේ චාරිත්‍ර....

Thushara said...

@ ayesh
මේක මම අහපු කතාවක්. මාර ලස්සනයි.
මුහුදෙ ඉන්න මූදු බෙල්ලා ගාව මුලින්ම මුතු ඇටයක් නැහැලු.එයා අනික් බෙල්ලො වගේම සාමාන්‍ය විදිහට ජීවත් වෙනවලු.ඒ විදිහට ඉන්න කොට සමහර බෙල්ලන්ගේ කටුව ඇතුලට වැලි කැටයක් ඇතුල් වෙනවලු අහම්බෙන්. එයාගෙ හම ගොඩක් සිනිදු නිසා හම ඇතුලේ වැලි කැටය තෙරපෙද්දී එයාට දරා ගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවලු. ඒ වේදනාව නිසාම එයාගේ සමෙන් වැලි කැටය මතට ලිහිසි ද්‍රාවණය මුදා හරිනවලු.වැලි කැටයට කැපෙන හැම වාරයක් ගානෙම ඒ විදිහට වෙනවලු.කල් යනකොට ඒ ද්‍රාවණය වැලි කැටය මත ඝණීභූත වෙලා මාරම ලස්සන මුතු කැටය බිහිවෙනවලු...
ඒ වේදනාවේ සෞන්දර්යයි. වේදනාවෙන් උනත් ලැබෙන සෞන්දර්යය හෙන ආතල්.
මචෝ ඒ ආතල් එකත් විදල බලන්න වටිනවා :)

vidath said...

@ayesh & Sampath :okkoma comments pattai...ubalage ewa bokkatama wadinawa machan