Saturday, June 19, 2010

දිනය ජුනි 18...

ලංකාද්වීපයේ ජනී ජනයාද,
මැති ඇමති ගරුතර උතුමන්ද,
දිනූ නිදහස සමරනුයැයි සිතා
ගෝල්ෆේස් පිටියේ රැස්කනු දුටිමි...

සකල සන්නාහ සන්නද්ධ අවි පෙරටුව
තුන්විධ හමුදාවෝ කඩුකස්තාන අතැතිව 
පෙරහැරේ ගමන් කරනු දුටිමි...
අනන්ත සයුර දෙපලු කරමින්ද
නිල් අහස ගිනියම් කරමින්ද 
යානවෝ අබිමන් පානු දුටිමි...

දෑත් දෙපා සිදුනු සෙබලෙකු 
රෝද පුටුවක් මත හිද
තම හිසට ඉහලින් ගගන යානාවෝ අහස විනිවිදින හැටිත්, 
බරකර දෙපා තබමින් විකුම් ගමන් යන 
සෙබළ සේනා දෙසත් බලා හිදිනු දුටිමි...
 *
 *
 *

5 comments:

Anonymous said...

maxxa මචන් maxxa ගොඩක් අයට අමතකයි අබාදිත සෙබලු ගැන.

Gayan said...

අපූරු පද වැල මල්ලි... විජයග්‍රහනයේ ශෝකාන්තය...

sampathjt said...

මරු පද ටික..අද ගොඩක් උන් ඒ ගැන හිතන එක අමතක කරලා..අපි ඒ මිනිස්සුන්ට ණයගැතියි සදහට ම. කෙසෙල් කඳන් කඩා වැටෙන ගානට අපේ උන් මැරිලා වැටුණු කාලේ දැන් අමතකවෙලා..යුද්ධය නිසා මෙලොව හැරදා ගියපු ඈත ගම්වල අසරණ සෙබල කොල්ලන්ගෙ පවුල්වලට වෙච්ච දෙයක් ගැනවත් ගොඩක් උන්ට ගානක් නෑ.අපි දැක්කා අන්තිමට ඒ වීර කොල්ලන්ගේ මෘත දේහයවත් තියන්න තැනක් නැති පැල්පත්වල උන් ජීවත්වෙලා තිබුණේ..ගොඩක් උන් දිණූ රට ගැන පාරම්බානවා මිසක් යුද්ධයෙන් ලැබුණ අතුරු විපාක ගැන හිතන්නේ නෑ..
තව කාලයක් යද්දි ඔය සමරන එකත් අපේ උන්ට අමතකවෙලා යාවිකියලා කොහොම ද විස්වාස නොකර ඉන්නේ???..
ජයවෙවා!!!

දුකා said...

අපේ මිනිස්සුන්ට හැමදේම මතක සති දෙකයි කියලා ප්‍රභාකරන් කියපු දේ හරි නේද . . ?

හැමෝම වෙනුවෙන් තම වටිනා දිවිය කැපකල ඔවුන්ට අපි සදා ණයගැතියි

Thushara said...

@ ano & gayan- tnx :)
@sampath & duka
ඒ දේවල් මතක තිබ්බත් වැඩක් නෑ නේද? අපි මොන තරං හුරතල් කරත් ඒ මිනිස්සු ගත කරපු ජීවිතේ අපිට කවදාවත් ආපහු දෙන්න බෑ කියලා ඒ අය දන්නව.
අත පය නැති වෙලා ඉන්න ඒ මිනිස්සු දකින හැම වෙලාවකම මට නං හිතෙන්නෙ අත පය තියෙන අපි ගැන ඒ අයට කොහොම හිතෙනව ඇතිද කියලා.