Friday, July 2, 2010

















ඈ ළං වූ හැටි
ළං නොවී ඈ ළං වූ හැටි
අපි ඉබොහෝ දුරව
ඈ තවත් ළං වූ හැටි...

ඈට පෙම් කළ සැටි
ජීවිතය ඇයමැයි සිතා
ඈට පෙම් කළ සැටි...

ඈ දුරු වූ සැටි
ප්‍රේමය ඈට දුර නිසාදෝ
ඈ දුරු වූ සැටි

ඈ යන හැටි
ඈ දුරින් දුරටම යන හැටි
ප්‍රේමය වූ ඇය යන හැටි

දැන් අප නාදුනන හැටි
නාදුනන විලසින්ම යන හැටි
ජීවිතයේ කෙදිනකද
නොදුටු නොඇසුවන් ලෙස
ප්‍රේමය වූ ඇය යන හැටි
ඈ දුරින් දුරටම යන හැටි...

16 comments:

Unknown said...

ela machan good work...oka itin godak denekta wenawa ban....lol

Unknown said...

hmm......kello okkoma ochcharai bun...unta melo deyak terenne ne...owa gana kata karalath wadak na..mona unath ube wachana tika maxa..

ක්‍රිශාන් said...

"මගෙන් දුර ඇතක
සිටියත් අද නුඹ
දකිනා විට නුඹේ රුව
පෑරුනත් මගේ හදවත
ආදරෙයි තවමත් නුඹට
පෙර සේම මම"

මම හරි නේද මචං.....මට මේ බ්ලොග් එක සිරාවටම දැනුනා මචන්.... සිරාවටම උඹ ලියල තියන්ව.. මේක කියවද්දි මට හිතට අවේ එඩ්වඩ් ජය කොඩි මහතාගේ මේ ඉර හඳ යට තනිවි කියන සින්දුව...හරියට ඒ සින්දුවට පෙරවදනක් ලිව්වා වගේ...

"අද ඔබ කොතනද
අද මා කොතනද
දන්නේ නෑ ඔබ මටත් හොරා
ජීවන මහ මග සටන් වැදි ඇත
නාදුනනා පෙම්වතුන් වෙලා"

නෙත් දල්වා පෙර මග බලා සිටිමි නාදුනනා පෙම්වතුන් එක්වනතුරු.... ආයෙත් කියන්නේ මැක්සා මචං

Ravin Weerarathna said...

ගැහැනු ළමයි... ! ඉන් එහා කුමක් කියමිද...?

ජිවිතය said...

ඈ යන්න යන්නයි ඔබ මග බලා සිටි..
ඈ ඇතට යයි
ඔබ නැවති බලා සිටි..
මිහිරි වු කටුක ප්‍රේමය
යන්න හදයි ,සදහටම යන්න හදයි......

ඒ නැවති සුසුම් හෙලවිට
හිමිනොවු අහිමි ප්‍රේමය
ගැන සිතා තවත් කිමෙද.....................?

Thushara said...
This comment has been removed by the author.
Thushara said...

@ krishan
හැමදාම උඹෙන් වැටෙන comment එක අපි ගැන ගොඩක් දේවල් කියනවා.ඒ අපි අපි ගැන ගොඩක් දේවල් දන්න නිසා...

Unknown said...

මම මේ වගේ කමෙන්ට් එකක් උඹට මීට කලිනුත් දාල ඇති. දැන් කියන්න වෙන්නෙත් ඒකම තමයි.

ඈ ලං වූ හැටි කිව්වට ඇත්තටම ලං උනේ උඹ නේද? උඔට සාපේක්ෂව ඇය ලං වෙන්න ඇති ඒත් මචං ඉස්සරහට ගිහින් තියෙන්නෙ උඹ විතරයි නේද? ඈ හිටිපු තැනමයි නේද? කෙනෙක්ට ආදරේ කරන්න ගත්තාම අපිට හිතෙන්නෙ ඒ කෙනා අපිට ලංවෙලා අපේ වෙලා වගේ. ඒ ආදරේ හැටි. අපි කාට හරි කොච්චර ආදරේ කලත් ඒ කෙනා අපිට ආදරේ නොකරන්න පුළුවන්.දෛවය සමහර වෙලාවට ජීවිත වලට සරදම් කරන්නෙ ඒහෙමයි.

උඹේ කවියෙ අන්තිම ටික පට්ට.

"දැන් අප නාදුනන හැටි
නාදුනන විලසින්ම යන හැටි
ජීවිතයේ කෙදිනකද
නොදුටු නොඇසුවන් ලෙස
ප්‍රේමය වූ ඇය යන හැටි
ඈ දුරින් දුරටම යන හැටි..."

කවදාවත් ආදරේ කරපු හිතකට වෛර කරන්න බෑ.

@ අලියා
ඇත්ත මචං. සිංදුවත් සිරා. විරහව විඳපු අය තමයි ඒකෙ දුක දන්නෙ.

Unknown said...

basanna ubata mokadda une bun....??mama danne nane...

Thushara said...

@susitha
totally agree with u..
ඒ උණාට මචං මම ලියන දේවල් වල ඇත්ත නැත්ත හොයන්න ගියොත් හෙන කේස්. ඒක නිසා මේක් කවියක් විතරයි කියල හිතා ගනින්. :)

Unknown said...

@ගැමා
මට මොකුත් වෙලා නෑ බං මම මේ හොඳට ඉන්නේ. මම හිතට එකඟව කතා කරා එච්චරයි.

Unknown said...

ජීවිතේ හැටි එහෙම තමා මචං..සමහර වෙලාවල් වලදී අපි කැමති දෙවල් අපට ලැබෙන්නේ නෑ..ඒක දුකක් තමා..ඒත් ඒකට මුහුණ දෙන්න වෙනවා. උඹේ හිතේ තියෙන අදහස ලස්සනට ගලපලා ලියලා තියෙනවා..
"නන්නාඳුනන ලෙසේ
මඟ තොට යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන
අපි යමු දුරස්වෙලා..."
කියලා කපුගේ කියනවා..මට නම් එහෙම හිතන්න බෑ..උඹට එහෙම හිතන්න කියලා මට කියන්නත් බෑ..
ජයවේවා!!!

Thushara said...

@sampath
thanks for the comment which i waiting 4..

Anonymous said...

ඔහු ඇයට යන්නට ඉඩදී බලා සිටිනා හැටි
ඇය ............................

Anonymous said...

ඔහු ඇයට යන්නට ඉඩදී බලා සිටිනා හැටි
ඇය ............................

Anonymous said...

I have seen people who defeat from love.but havent seen any one like u who tries to go away from love already knowing that u have won her love.do u just want to see that she defeat from love?????????