අපි එක එකාට නොපෙනෙන ඈතට වෙලා
එකිනෙකා ගැන කල්පනා කරන එක
ඇත්තටම හරිම ප්‍රියංකර අත්දැකීමක්...
කවදාවත් නොවුන තරං ඈතට වෙලා
පුළුවන් තරං ඈතට වෙලා
අපි ගැන කල්පනා කරන එක..
විශ්වයේ පුළුවන් තරං ඈතට වෙලා
අපි ගැන කල්පනා කරන එක...
හිතුවිල්ලකටවත් යන්න බැරි තරං ඈතට වෙලා
අපි ගැන කල්පනා කරන එක...
දෑහැට නොපෙනෙන තරං ඈතට වෙලා,
ආයෙත් අපි දෑහැටවත් නොපෙනෙන වග කල්පනා කරනකොට
ඒක වේදනාවෙ සෞන්දර්යයෙන් අපූර්වත්වයට පත් වෙච්ච හරිම ප්‍රියංකර අත්දැකීමක්..
9 comments:
lassana nirmanayak mama nam uba tharam nirmana shilee na e unath meke adahasa nam godak gaburui kiyala mata therenawa :) digatama liyapan
වෙලාවකට හිතෙනව මට විරහව ආදරයටත් වඩා ලස්සන දෙයක් කියල.. මොන උනත් පට්ට
අනික් අයගෙන් වෙන් වෙලා තමන් ගැන හිතන්න පුලුවන් වෙලාවට තමන් ගැන ගොඩක් දේවල් තේරුම් ගන්න පුලුවන්. ඒත් ආදරේ කරපු අයගෙන් වෙන් වෙලා තනි උනාම් ඒක ලොකු වේදනාවක්.
Great work machan.
අත්තික්කා මලේ, මගේ ප්‍රේමයත් නුඹ වගේමයි
@කේෂාන්
ප්‍රේමයත් රහක්..විරහවත් රහක්.. ප්‍රේමයෙ රහ ටික කාලෙකින් වේලිලා යනවා.ඒ උනාට විරහව හැමදාම තියන නිසා විරහවේ රස සදාකාලිකයි.
@ තරිදු
උඹ සෑහෙන ගැඹුරට හිතල වගේ.. :)
@UD
ඒකට අපි වගේ වේදනාවෙ අපූර්වත්වය හොයා ගනින් :)
ලස්සන නිර්මාණයක් මචං...ලබාගන්න ගිය දේ නොලැඹීම ත් ලබාගත් දේ දිගට ම රඳවා තියාගන්න බැරිවීමත් ගැන විඳවනවාට වඩා එහා ගිය වින්දනයක් ඒවයින් ඉස්මතුකරගන්න සමහරුන්ට හැකිවෙනවා..ඒ තමන් ආවේගයන් පිටකරන ස්වභාවය අනුව, විදිය අනුව...ඒ රසයත් එක එකාට දැනෙන්නේ එක එක විදියට...විරහවත් සුන්දර දෙයක් වෙන්නෙ ඒක සුන්දර විදියට විඳින්න පුළුවන් නම් විතරයි...සමහර විඳවන සිතුවිළිවලට සත්සරය මුසුවෙද්දි, ඒවා වචනවලට පෙරලෙද්දි, ඒවාට ඉරි රෙඛා හැඩතල එකතුවෙනකොට අඟනා නිර්මාණ බිහිවෙනවා...
ජයවේවා!!!
විරහව රහක් වෙන්නෙ කොහොමද මචන්,...විරහව රහක් කියල කියන්නෙත් අපිමනේ.....
eaka rahak thamayi
Post a Comment