Saturday, August 21, 2010

මට ලෝබ හිතුන
නුඹෙ හිනාව දැක්කම...

මම හිතුවෙ නොඇලෙන්න
කිසි තැනක නොඇලෙන්න
ඒත් ලෝබ හිතුන
නුඹේ හිනාව දැක්කම

නුඹ මට සෞන්දර්යයක්
හිතුවිල්ලට හිතුවිල්ලක්

මං හිතුවේ කවි ලියෙන තෙළි තුඩින්
නුඹව පිනතාරු කරන්න
නුඹේ හිනාව පින්තාරු කරන්න...
මට ලෝබ හිතුන
නුඹෙ හිනාව දැක්කම

එයින් නුඹ මට සෞන්දර්යයක්
මා ඇලුනු තැන ප්‍රේමයෙන් මතු සෞන්දර්යයක්
බොද වුණු පින්තාරුව මතු
සෞන්දර්යයක් සහ එපමණක්...

6 comments:

vidath said...

kellange hinawata uba mula wela inne machan....

සම්පත් / jt said...

හ්ම්...ලස්සන නිර්මාණයක් මචං...සමහරවෙලාවට හිනාවුණත් අවුල් නොවුණත් අවුල්..දැනෙනෙ, ඇහෙන, පෙනෙන දේවලවල ඇලෙන් නැතුව ඒවා විඳින්න පුළුවන්නම් අන්තිමට එයින් වින්දනයක් මිසක් දුකක් නෑ...ඒත් අමාරුම දේ ඒක..
ජයවේවා!!!

කේෂාන් | Keshan said...

මචං හඳ එළිය ජල තලාවකට වැටිල තියෙද්දි කොච්චර ලස්සනවුණත් එයින් දිය දෝතක් ගත්තම ඒ ලස්සන පේන්නෙ නෑ. ඒ නිසා හඳ එළිය ඈත ඉදන් විඳපං අතට ගන්න එපා..

Anonymous said...

කාගෙ හීන හැබෑ නොවුනත් ඔයාගෙ හීනෙ හැබෑ වෙනවමයි.නමුත් ඒ හීනෙට පණ දෙන්න ඕනත් නුඹමයි.

නරකයා....!! said...

නියම සෞන්දර්යය වාදියෙක් විදියට නම්‍යශීලී උඹට ඔ්නේ උණත් ඬඩිකල් වෙන්න අමාරුයි... පිළිගනින්.....!!

නරකයා....!! said...
This comment has been removed by the author.