Monday, November 8, 2010

අහෝ සරසවිය !!!

සහස් පැතුම් දල්වා
සිප් සතර ලබනු වස්
පැමිණි විදුදරන්ගේ
සොදුරු සරසවි බිම්
අදුරුයි, අද අදුරුයි...

රසැති කව් ගී නොගයති, නොලියති
අද සරසවි මානවිකවෝ...
විදු සයුර කිමිද
නොසොයති විදුදර දැනුම
පෙම් බස් නොදොඩති, තුරු සෙවෙන යට...

උන් ඉල්වති ජීවිතය
ගැහෙන පණ නළ තුරුලු කර
උන් ඉල්වති ප්‍රාණය...

නොනිමි කම්කටොළු දරා ඉවසනු බැරිව,
හඩ නැගූ වරදට
උගුළුවා ඇග මස
හිස් ගෙඩි පළා දෙතිස් වද දෙති
සුදු පිරුවටින් සැරසි අළුගෝසුවෝ...

එහෙත් හිතට ගනු !
දිනෙක හිතට ගනු !
මේ තළා සිද දමන්නේ
නුඹලා මහ ඉහළින් වැනු
ජාතියේ හෙට දවස බව...

9 comments:

Anonymous said...

wenada wagema hodata liyala thiyenawa. lassanai. thawath liyanna... :)

Unknown said...

හ්ම්ම්...මෙහෙමයි මචන් ඕකේ දෙපැත්තක් තියනවා...මම වර්තමානයේ සරසවි සිසුන්ට වෙන දේ අනුමත කරන්නෙ නෑ...ඒ උනාට උඹ්ට හිතෙන්නෙ නැද්ද ඔවුන් කරන එකම දේ, කිසියම් දේශපාලන පක්ෂයකට කඩේ යන එක බව....

Thushara said...

@ Vidath
ඔව් මචන්...ඒ උණාට උඹ කිසිම දේශපාලන අරමුණක් නැතිව, සිරාම සමාජ අරමුණක් වෙනුවෙන් කෑ ගහලා බලහන්. පොලිසියෙන් ඇවිල්ලා උඹට උඩ තියාගෙන ගහයි...දැන් දෙන දෙයක් කාල ඉදහන්.දැගලුවොත් ගහනවනෙ...

ජිවිතය said...

කවුද මචං මෙවට වග කියන්න ඔනේ මචන්........?

Anonymous said...

theme is good.but feel some difference in the way u have written, compared to ur unique writing style followed in other creations.anyway write more.almost all the time ur creations feel so much.

Unknown said...

wena kawuda ithin munwa path kala apima tamai...

Thushara said...

@ Anonymous
um jst tryn to write sme thing which felt rather than following style,anyway it is nice to heard dat u gt fnd sme "unique style" in ma writings.:D

Anonymous said...

me sidda wena asadarana walata wiruddawa, wisadanne nethi prashna walata wiruddawa, loke hema ratakama wage lankaweth sarasawi shishyo nagi hitiya..
e negitima policiya dala, media dala(bahutharayak..swarnawahini+derana+..++)mardanaya kala..
meka methanin iwara ne..eelagata nagitinne samajaye mona kotasada, untath me tikama thamai..
api ithin reta news balala campus kollonta palu yanakam banimu....

නරකයා....!! said...

උන්ට පාඩුවෙ ඉන්න දුන්නනම් ඉවරයිනේ . උන්ටත් ඔනේ කෙළගන්න මුන්ටත් ඔනේ කෙළගන්න.