
වැහැපං කෙළවෙන්ඩ තවත් පාරක්
කුරුදුවත්තෙ සත්මහල් පාය ඉදල තාරවත්තෙ ටකරන් මඩුවට
ගළපං හේදෙන්ඩ..
හේදිලාම යන්ඩ...
ගළපං දියවන්නාව
කෙළවෙන්ඩ හතර වට...
උතුරපං බේරෙ වැව...
යටවෙයන් මහ අවන්හල්, පංසල්, පල්ලි,ඉස්කෝල
හෙදියන් ආයෙමත්
ටකරන් ලෑලි මඩු...
ගළපං ඉහක් උසට...
දැන් කොළඹම තනි යායක්...
ටිකක් පෑව්වම පුදුම ලස්සනක්...
කොළඹම එකම යායක්...
දැන් පිපියන් නෙළුම් මානෙල්
වැනියන් තාලෙට, ලතාවට
කොච්චර ලස්සනද එතකොට...
රෑ උණාම ලස්සනයි තවත්...
අහා...දැන් අපේ වෙලාව
කව් සිතුවිලි පහලවෙන අපූරුම වෙලාව
ප්‍රේමාන්විතම වෙලාව
ප්‍රේම ආලිංගනයට වෙලාව
මලින් සැරහුව රත්තරං ඔරුවක් මත
ප්‍රේම ආලිංගනයට වෙලාව
දැන් කොළඹම තනි යායක්...
12 comments:
owa hedigena yanna tsunamiyakata thamai enna kiyanna one.nikan wessakatanam be mulu colambama hedigena yana widihakata wahinna. :D :D .monawaunath chithrarupa mewena aakarayen liyala thiyenawa :)
ඔව් වැහැපුදෙන්..
කෙළඋණාවෙ...
හැබැයි කුරුදුවත්තෙ මළ ජරාවෙන් අර ටකරං මුඩුක්කු ටික යට උණාවෙ...
දියවන්නාවත්.. තව පුළුවන්නම් බේරෙ වැවත්...
බfපල් සන්නාහ රථ තියෙනවා උන්ට යන්න අපිට......
රොදෙකින් ඉහෙන මඩ පොඩ්ඩක් ඇරෙන්න නිදාගන්න මෙට්ටෙට වැටෙන වතුරපාර සැර වෙනවා විතරයි...!
ඉතින් උඹල අපි නොනිදා ඉමු
මේ උඹේ හොදම වෙලාව...
උඹේ ප්‍රේමයටත් හොදම වෙලාව
පච බංකුවල ලව් කරල,
තාම ඇතිවෙලා නැද්ද උඹට...
හතර වටේම යට උණාට පස්සේ
උඹ නොනිදා රැය පහන් කරපන්,
රත්තරන් පාටින් සැරහුව
මලින් ගැවසුන ඔරුව මත...
දන් අනික් උන් ඔක්කොම යට වෙලා
ඉතින් මේ ප්‍රේමයට හොදම වෙලාව...
ඉතින් මොකටඩ නින්දට ඉඩක්?
hmmm good.
but u take a long interval after 1 creation to the next:(
@ Anonymous
yes...nw im too lazy on writings.bad luck for me :(
Write more.ul be surely lucky at last.Trust urself and also on what u love.if not ul loss values inside u.i mean ur creativity.
Hey Thanks...
um impressing on ur comments.thanks again.
nice to here
not that here but hear:))
u havent got changed.sometimes u may have been busy with ur work.writing de blog is not the 1 & only thing u have to do ne:)
පුදුමයි නුඹට නොහැගෙන
බව,
ගේ දොර වසාගෙන කොළඹම
යට වෙන කල,
රටම ගිලී යා හැකි ලෙස
වැටේන වැස්ස,
නෙතඟින් මිසක අහසින් නොව
සිතන් මිතුර....
woow suji maru meaning 1k thiyenawa eke.2012 ta passe lookayama eka yayak wei. ubata thawa arthawath kavi liyanna.........
Post a Comment