Sunday, September 12, 2010

අම්මේ...

මතකයි මට තාම
සෝදවා මුහුණ කට
සුපිරියම් කොට තරමට
දෙකොපුල් සිප උණුහුමට
මා අකුරට යැවූ හැටි...

පුදුමයි මට තාම
ඇති කල් මෙන්ම නැති කල්ද
මැසිවිලි නොගා කිසි දින
එකසේ දරා දුක සැප
වෙර ගෙන නුඹ නැගී උන් හැටි...

හඩවයි හිත තාම
නැගෙන විට මනැසට
කෝපයෙන් ගිණියම්ව
මා උස් හඩින් ඔබ ඇමතු දින
ස්නේහය පිටාර ගැලු නුඹ දෙනෙතින්ම
අනෝරා කදුළු වැහි වැටුණු හැටි...

අරුමයකි මට තාම
හී පහර වැදුණු හිත
දරා ඉවසනු බැරිව
ලේ ගලා තැවෙන විට
දයාවෙන් අපිරිමිත නුඹ මුහුණ දකිද්දී
මදකුදු නොරිදෙන තරමට
නිවී නිවී සුවපත් වන හැටි...

අම්මේ...

නොදනියි නුඹ තාම
මා වරදක් කල දින
හිස පිරිමැදි දෑතින්ම
මට තළා ඉන්පහුව
නුඹ හඩනු දුටු විට
කිසි දිනක නොහඩන නුඹෙ පුතු
 හැඩූ හැටි කාටත් හොරාම...

20 comments:

Anonymous said...

godak lassanai. hadawathinma liyala thiyena nisa hadawathata thadinma denuna...

Unknown said...

හදවතේ ගැඹුරුම තැනට දැනෙනෙ නිර්මාණයක් මචං...
ජයවේවා!!!

Anonymous said...

මේක කියවන කොට ගොඩක් දුක හිතෙනවා.

Unknown said...

මටත් අම්මා කියන්නේ මගේ ජීවිතේදි මම දැකපු ධෛර්ය සම්පන්නම කෙනා. අපිව උස් මහත් කරලා කවලා පොවලා හැම දුකක්ම විඳලත් අම්මා අපිට හැම දේම කරල දෙනඑක නවත්තන්නෙ නෑ. අදත් ගෙදරින් පාන්දර 3ට එලියට බැස්සත් ඊට කලින් අවදි වෙලා බතක් උයලා කෙහෙල් කොලේ බැඳල ගිහින් කාපන් කියල අතට දෙනකොට අම්මගේ ඒ සෙනෙහස ඇහැට කඳලත් අරගෙන එනවා. එහෙව් අම්මලා වෙනුවෙන් උඹේ නිර්මාණය උපහාරයක් වේවා..

Unknown said...

හ්ම්ම්...කියන්න වචන එන්නේ නැති තරමටම දැනෙනවා මචන්

තරිදු අබේදීර::Tharindu Abeydeera said...

මම මෙහෙම කියන්නම් ... උඹ මෙතෙක් කරපු නිර්මාණ වලින් හොදම නිර්මාණය... මට හිතෙන්නෙ හැම අම්ම කෙනෙක්ම මෙහෙම වෙන්න ඇති... ලෝකෙ වෙනස් වෙන්නෙ නැති එකම දේ ... අම්මගෙ ආදරය ...ඒ ආදරය ඉස්සරහ හැමදේම වෙනස් කරන කාලය පවා නවතිනවා.....

Anonymous said...

අපි දැන් ටිකක් වයසින් වැඩි උනත් අම්මට තාමත් අපි පොඩි ලමයි.......
තාමත් අපි වෙනුවෙන් දුක් විදිනවා......
ඇ ගැන හිතද්දි ඇහට කදුලක් එනවා...
සැහෙන හිතට වැදුනු පද ටිකක්......

mage jeewithe said...

නියමයි මචන්...නියමයි කියන්නෙ නෙතුව මොනව කියන්නද..

mage jeewithe said...
This comment has been removed by the author.
Ravin Weerarathna said...
This comment has been removed by the author.
Ravin Weerarathna said...

නියමයි මචන්... ලොවේ උතුම්ම දෙය අම්මාම නොවේද..?? ආදරය නම් එයමැයි... :)

Nipun said...

නියමයි මචං බොක්කටම වදිනවා maxxa

Unknown said...

ආදරණීය අම්මා වෙනුවෙන් ලියවුනු උඹේ කවියේ සුන්දරත්වය ඒ හැම අම්ම කෙනෙක් වෙනුවෙන් උපහාරයක් වේවා!

Happy Living said...

woooooooooowwwwwww

ක්‍රිශාන් said...

සිරා මචං... උඹේ සමහර කතාවලට තේරුමක් නැති උනාට මේ කතාවට නම් ලොකු තෙරුමක් තියනව මචං...

වින්දන said...

හදවතට වදින ණිර්මාණයක් මචං...

CharithD said...

ඇත්තටම මටත් බොක්කටම වැදුනා......අපි කොච්චර නම් වැරදි කරලා තියනවද...ඒත් හැම වෙලාවෙදිම අපිත් එක්ක ඉන්නෙ අපේ අම්මා,,,,,,,,,,,,මේ වගේ කවියක් ලියලා මට මගේ අම්මට දෙන්න ඇත්නම්.......................

Kalpa said...

පට්ටයි මචන්. පට්ටයි..............
බොක්කටම වැදුනා.

Thushara said...

කමෙන්ට්ටු ලබා දුන් හැමෝටම ගොඩක් ස්තූතියි. මොන මොනව ගැන ලිව්වත් හිතේ ගොඩක් ගැඹුරු තැන් වලින් ලි‍යැවෙන දේවල් බොහොම අඩුයි. එහෙම ලිව්වත් කියවන ගොඩක් අයට තදින් දැනෙන විදිහට ලියැවෙනව ගොඩක්ම අඩුයි.
මේ කවිය කියවපු ගොඩක් අයට තදින් දැනෙන්න ඇත්තෙ නිර්මාණයේ සාර්ථකත්වයට වඩා අපේ ජීවිත වලට වචනය ඉක්මවා ගිය ප්‍රේමයකින් සම්භන්ද වුණු "අම්මා" ගැන ලියපු නිසා වෙන්න ඇති.

Anonymous said...

great job...keep it up!!!!!!!